මාලිංග ගෙදර යන්න බඩු පැක් කරයි

එක්දින සංචිතයෙන් තමන් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළ හොත් බෑග් එක අරගෙන ගෙදර යනවා යැයි ශ්‍රී ලංකා පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ප්‍රයිම් ලංකා වෙත පැවසුවා. ක්‍රීඩා ඇමතිවරයාගේ ප්‍රකාශයකට මාධ්‍ය හමුවේ පිළිතුරු දීම නිසා මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇතැයි වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් කළ විමසුමේදී මාලිංග මෙලෙස පිලිතුරු දුන්නා.

“මම ඒ ප්‍රකාශය කරලා තියෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාටද? මම දන්නේ නෑ. කොහොම වුණත් මාව සංචිතයෙන් ඉවත් කළ හොත් කිසිම ප්‍රශ්නයක් නෑ. බෑග් එක ගත්තා ගෙදර ගියා. ඒක තමයි මට කරන්න තියෙන්නේ” යැයි මාලිංග පැවසුවා.

4 thoughts on “මාලිංග ගෙදර යන්න බඩු පැක් කරයි

Leave a Reply

Your email address will not be published.