මාලිංග යලිත් ශ්‍රී ලංකා සංචිතයට

ලසිත් මාලිංග එළඹෙන ඕස්ට්‍රේලියා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා එක්කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ආබාදයක් හේතුවෙන් ඔහු පසුගිය වසරක කාලය පුරා ක්‍රීඩා කළේ නැහැ. එහෙත් මේ වන විට මාලිංගගේ ආබාදය පූර්ණ සුව වී ඇති බව සදහන්. එළඹෙන ඕස්ට්‍රේලියා සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම එක්වන්නේ නැහැ. නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් පාදයේ ආබාදයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්ව සිටිනවා. මේ අනුව කණ්ඩායම මෙහෙයවන්නේ උපුල් තරංගයි.

පසුගිය කාලය පුරා අසාර්ථක වීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල්වද විවේක ගන්වා තිබෙනවා. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවද මෙවර තරගාවලිය සදහා නවක කණ්ඩායමක් නම්කර ඇත්තේ ජේෂ්ඨයින් රැසක් විවේක ගන්වමින්. දෙරට අතර පළමු පන්දුවාර විස්ස තරගය ලබන 17 වැනිදා මෙල්බර්න් හිදී පැවැත්වීමට නියමිතයි.

One thought on “මාලිංග යලිත් ශ්‍රී ලංකා සංචිතයට

  • February 9, 2017 at 9:38 am
    Permalink

    මාලිංග 2019 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ රැදී සිටිය යුතුයි

    Reply

Leave a Reply

Your email address will not be published.