මැතිව්ස්ට පරීක්ෂණ කිහිපයක් – දෙකක් දොට්ට

ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ට වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් අද දිනයේදී සිදු කිරීමට නියමිතයි. ඔහු හතරවන එක්දින තරගයේදී පාදයේ ආබාදයකට ලක්වුණා. ක්‍රිකට් ආයතනය කියා සිටියේ මැතිව්ස්ගේ දකුණු පාදයේ මස් පිඩු ඉරී ගොස් ඇති බවයි. ඒ පිලිබද සිදුකරන සීටී ස්කෑන් පරීක්ෂාවන්ගෙන් වැඩිදුර තහවුරු කර ගැනීමට නියමිතව තිබෙනවා. අනතුරුව මැතිව්ස්ට නිවාඩු ලබාදෙන කාලය පිලිබද තීරණය කරන බවයි ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයකු කියා සිටියේ.

මැතිව්ස් වෙනුවට කණ්ඩායමට කැදවා ඇත්තේ උපුල් තරංග. මේ අතර ලක්ෂාන් සදකැන්ට සහ තිසර පෙරේරාට කණ්ඩායමේ ස්ථාන අහිමි වී තිබෙනවා. ඒ අනුව කණ්ඩායමට එක්ව ඇත්තේ නිරෝෂන් දික්වැල්ල සහ දසුන් ශානකයි. සංචාරක ඕස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත අවසන් එක්දින තරගය ලබන හතරවනදා පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී පැවැත්විමටයි නියමිතව ඇත්තේ.

 

One thought on “මැතිව්ස්ට පරීක්ෂණ කිහිපයක් – දෙකක් දොට්ට

  • June 17, 2017 at 5:00 am
    Permalink

    She is North American style at it's best! Her seemingly spontaneous & natural sense of fun and beauty all rolled into one. Seems that models today are lacking the fun & natural beauty of those 70's top mold?s…eMaybe it's the fact that celebrities have taken their place and that's a shame.

    Reply

Leave a Reply

Your email address will not be published.