මිත්‍ර සංග්‍රහයේ ආදීනව විදින ජනපතිනී

දකුණු කොරියාවේ වත්මන් ජනාධිපතිනී පාක් ගුඑන් හෙයිට ධුරයෙන් ඉවත්වන ලෙසට බලකරමින් එරට ජනතාව සෝල් අගනුවරට රැස්වී දැවැන්ත විරෝධතාවක් අරඹා තිබෙනවා.

සිය දීර්ඝ කාලීන මිතුරියකට අනවශ්‍ය ලෙස සැලකීමකට ගොස් මෙසේ ජනාධිපතිනිය දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර, ඇය පසුගිය සිකුරාදා රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් සමාව ගැනීමටද කටයුතු කළා.

මේ අතර, තමා ජාතිය ඇමතීම සඳහා සකස්කළ කතාවල පිටපත් සිය දීර්ඝ කාලීන මිතුරියක වූ චෝයි සූන්ස්ලී ට කියවීමට ලබාදුන් බවද දකුණු කොරියානු ජනපතිනී පාක් ගුඑන් හෙයි එහිදී, පිළිගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, මුළු රටටම බලපෑම් ඇතිකළ හැකි තීරණ ගැනීමේදී, ජනාධිපතිනිය සිය මිතුරියකට අනවශ්‍ය ලෙස තමන්ට අනුබල දීමට ඉඩකඩ සැලසීම තුළ ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව මහමඟට බැස සිටින දහස් ගණන් දකුණු කොරියානු ජනතාව එක් හඬින් පවසනවා.

එමෙන්ම, මෙම කාන්තාවගේ පසුබිම සම්බන්ධයෙන් කිසිදු වගවිභාගයකින් තොරව ජනාධිපතිනියගේ කතා පිටපත් වෙනස් කිරීමට ඇයට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිටත් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සදහන්.

මේ අතර, චෝයි සූන්සීල් රටෙන් බැහැරට යෑම වළක්වාලමින් එරට අධිකරණය ලබාදුන් තීරණයකට අනුව ඇය මේ වනවිට පොලිස් රැඳවුම් භාරයේ සිටිනවා.

එමෙන්ම, ජනාධිපතිනිය සමග වූ සබඳතා පිළිබඳ ප්‍රසිද්ධ වීමත් සමග චෝයි සූන්සීල් තමා සන්තකයේ වූ සියලු සාක්ෂි විනාශ කිරීමේ උත්සාහයක් ගෙන ඇති බවටද මේ වනවිට තොරතුරු හෙලිවෙමින් පවතිනවා.

පසුගිය සිකුරාදා රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතන අවස්ථාවේදී දකුණු කොරියානු ජනාධිපතිනිය කඳුළු සැලීමට ආසන්න අවස්ථාවන්ට පවා පත්ව සිටි බවත්, චෝයි සම්බන්ධ සිදුවීම තමාගේ වරදක් බව පිළිගැනීමටත් ඇය කටයුතු කළ බවද විදෙස් වාර්තා පවසනවා.

Leave a Reply

Your email address will not be published.