මීගමුවේ ව්‍යාපාරිකයෙක් ක්‍රිකට් මුල් පුටු වෙනස්කිරීමේ කුමන්ත්‍රණයක

මීගමුවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ජයන්ත ධර්මදාස මහතා සහ නිෂාන්ත රණතුංග යන මහත්වරුන් එක්කිරීමේ කපුකමකට අත ගසා තිබෙනවා. මෙම ව්‍යාපාරිකයා මීගමුවේ ප්‍රසිද්ධව ඇත්තේ මෙරට තුල අලෙවි කිරීමට තහනම් මත් වර්ගයක් අලෙවි කිරීම සහ ඉන් පෝසත් වීම හේතුවෙන් බවයි ඇතමුන් පවසන්නේ.

ඔහු පසුගියදා ආරම්භ කළ සී ෆුඩ් නවතම රෙස්ටුරන්ට් එකේ සමාරම්භක අවස්ථාවට  ක්‍රිකට් ආයතනයේ හිටපු විධායක කමිටු සාමාජිකයින් සහ ජයන්ත ධර්මදාස මහතා සහභාගී වී තිබෙනවා. එහිදී කපුවා විසින් හිටපු විධායක කමිටු සාමාජිකයින්ගෙන් ඉවත්කර මුහුණට මුහුණ සාකච්ජාවක් සදහා ජයන්ත ධර්මදාසට සහ නිෂාන්ත රණතුංගට අවස්ථාවක් ලබා දී ඇතැයි වාර්තා වනවා.

ඔවුන් එහිදී ඉදිරි ක්‍රිකට් නිලවරණය සදහා ඉදිරිපත්වන ආකාරය සාකච්ජා කර ඇති බවත් සදහන්.

විරසකව සිටි ජයන්ත ධර්මදාස සහ උපාලි ධර්මදාස යන සහෝදරයින් එක්කිරීම සදහාත් මීට පෙර කපුකම සිදුකළේ මෙම සුප්‍රකට ව්‍යාපාරිකයායි. ඔහු ක්‍රිකට් ආයතනයේ තනතුරු ලබාගැනීම සදහා මෙවැනි කපුකම් කිරීමට කීර්තිමත් නමක් දරා සිටින්නෙක්.

One thought on “මීගමුවේ ව්‍යාපාරිකයෙක් ක්‍රිකට් මුල් පුටු වෙනස්කිරීමේ කුමන්ත්‍රණයක

  • August 25, 2016 at 12:13 am
    Permalink

    එහෙමහරි මේ තරහ වෙලා ඉන්න අය යාලුවුනොත් ඇති

    Reply

Leave a Reply

Your email address will not be published.