මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ජයග්‍රහණ පිටුපස ජයවර්ධන

IPL හෙවත් ඉන්ඩියන්ස් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වෙනකොට එහි අවසන් අදියරට පැමිණ තිබෙනවා.තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණට පැමිණ තිබෙන්නේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමයි.ඔවුන් ක්‍රීඩා කළ තරග 14 න් 10ක් ජයගන්නට ඔවුන්ට හැකිවුණා.අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමටනම් ඔවුන් මැයි 19 වැනිදා පැවැත්වෙන තරගයෙන් ජයගතයුතුයි.

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ මෙම ජයග්‍රහණ පිටුපස මහේල ජයවර්ධන සිටින බව බොහෝ දෙනෙකුට අමතක වෙලා.මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මහේල ජයවර්ධනයි.ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් පසු මහේල මෙලෙස කෙටි කාලයක් සදහා අවස්ථා කිහිපයකදීම පුහුණුකරුවෙක් ලෙස ක්‍රියා කළා.ඒ සෑම අවස්ථාවකදීම සාර්ථකවීමට මහේලට හැකිවුනා.එත් මහේල පවසන්නේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ සාර්ථකත්වයට තමන් එතරම් දෙයක් නොකළ බවයි.කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මේ වෙනකොට මහේලගේ පුහුනුකීරීම් ගැන ඇත්තේ ඉහල පිළිගැනීමක්.මේ පිලිබඳ මහේල පවසන්නේ වසර 18 ක තම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් මේ සදහා ඉවහල් වී ඇති බවයි.
එහෙත් දිගින් දිගටම පුහුණුකරුවෙක් ලෙස කටයුතු කිරීමට තමන් අදහස් නොකරන බවත් මහේල ප්‍රකාශ කරනවා.ඒ තමන්ගේ පවුලත් සමග වැඩි කාලයක් ගතකිරීමට අවශ්‍ය නිසා බවයි ඔහු පවසන්නේ.

කෙසේ වෙතත් තවමත් පිතිකරුවෙකු ලෙස දස්කම් දක්වන මහේල එළඹෙන ග්‍රීෂ්ම සෘතුවේදී එංගලන්තයේ ලන්කශයෙර් කණ්ඩායමට පිතිකරුවෙකු ලෙස එක්වනු ඇති.ඒ ටුවෙන්ටි ටුවෙන්ටි ක්‍රිකට් තරගවලියේදීයි.

Leave a Reply

Your email address will not be published.