මුම්බායි ඉන්ඩියන්ස් 3 වැනි IPL ජය සමරයි.

2017 IPL තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ නිමාවට පත්වුණා.ඒ තුන් වැනි වරටත් එහී ශුරතාවය මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට හිමි කරදෙමින්.මෙහිදී ඔවුන් එම ජයග්‍රහණය දිනාගත්තේ රයිසින් පුනේ කණ්ඩායම එක් ලකුණකින් පරාජයට පත්කරමින් වීමත් විශේෂත්වයක්.IPL අවසන් තරගයකදී ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කල අඩුම ලකුණු ප්‍රමාණය ඊයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම ලබාගත්තා.ඒ ලකුණු 129ක්.ඔවුන් මෙම ලකුණු ප්‍රමාණය රැස් කලේ ඔවුන්ගේ කඩුලු 7ක් ලකුණු 79කට දැවී යාමෙන් අනතුරුවයි.එහිදී කෘනල් පාන්ඩිය පන්දු 38කදී ලකුණු 48ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රයිසින් පුනේ කණ්ඩායම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඉවසිලිවන්තව ක්‍රීඩා කළේ අවසන් මොහොතේ ජයග්‍රහණය ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්.අවසන් පන්දුවාර 5 තුළ කඩුලු 8ක් සහිතව ඔවුන්ට ලබාගැනීමට තිබුනේ ලකුණු 47ක් පමණයි.අවසන් පන්දු ඕවරය තුළ ජයග්‍රහණය සඳහා ලකුණු 10ක් අවශ්‍යව තිබුනත් පුනේ කණ්ඩායමට ලබාගත හැකි වුනේ ලකුණු 9ක් පමණයි.ඒ අනුව එක් ලකුනක තියුණු ජයක් මුම්බායි කණ්ඩායමට හිමිවුණා.තරගයේ වීරයා වුයේ කෘනල් පාන්ඩියයි.

One thought on “මුම්බායි ඉන්ඩියන්ස් 3 වැනි IPL ජය සමරයි.

Leave a Reply

Your email address will not be published.