මොරටු සරසවි සිසුවියගේ අවාසනාවන්ත මරණයේ සත්‍ය කතාව.

පසු ගිය දින වල මහත් ආන්දෝලනයක් ඇති කිරීමට උත්සාහ කල මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨ සිසුවියගේ හදිසි අභාවය බොහෝ ජනමාධ්‍ය වාර්තා කර තිබුනේ අභිරහස් මරණයක් ලෙසටයි. නමුත් එය ස්වභාවිකව  සිදු  වූ මරණයක් බවටයි වාර්තා වන්නේ.. පසුගිය අප්‍රේල් 25 වන දින අවසන් වසර ආරම්භ කර ඇති මෙම සිසුවිය එහි අවසන්  ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සුදානම් වෙමින් සිටින අතර මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව තිබෙනවා.ඒ ඇයගේ  අවසන්  ව්‍යාපෘතිය සම්බන්ධව උපදෙස් ලබාගැනීමේ සැසියක් මැයි 8 වෙනි දිනට දී තිබු හෙයින්  ඊට සූදානම් වෙමින් සිටියදී ඇති වූ අධික මහන්සිය නිසයි. මරණ පරීක්ෂණයෙන් හෙළිව තිබෙන්නේ හදවත ඉදිමීමට ලක්වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි. මෙම සැසිය පැවැත්වීමට නියමිතව තිබී ඇත්තේ මැයි 4 වෙනි දිනයි. නමුත් සිසුන්ගේ පහසුව තකා සිසුන්ට ලබා දි තිබු අමතර සහන කාලයද සැලකිල්ලට ගෙන මෙම දිනය  මැයි 8 වෙනිදාට යොදාගෙන තිබූ බවයි අභ්‍යන්තර ආරංචිමාර්ග මගින් හෙලි වන්නේ. කෙසේ නමුත් මීට පෙරත් මෙම සිසුවිය  හදවත් රෝගී තත්වයක් සදහා විවිධ අවසථා වල ප්‍රතිකාර ලබාගෙන තිබු බවද අධ්‍යන කටයුතු වලින් ඉවත්ව විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් ලබා දී තිබු බවත් හෙලි වී තිබෙනවා.

මෙහි තවත් නිවරදි තොරතුරු අප සතුයි. එම තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

One thought on “මොරටු සරසවි සිසුවියගේ අවාසනාවන්ත මරණයේ සත්‍ය කතාව.

  • June 17, 2017 at 4:57 am
    Permalink

    Dr.mudando de assunto ,faça um POST sobre jogar na al;&0udei#823ttcoloque desenhos e figuras de como o corpo se comporta a 3.000 metros de altitude!eh uma vergonha esses jogos la em cima ,e aidna atirando objetos nos atletas

    Reply

Leave a Reply

Your email address will not be published.