යලිත් ප්‍රයිම් ක්‍රිකට් අනාවැකියක් තහවුරු වෙයි

ශ්‍රී ලංකා වේග පන්දු ජාතික පුහුණුකරු චම්පක රාමනායක මහතා ඉල්ලා අසවී ඇත්තේ බංග්ලාදේශයෙන් හිමිවූ කොන්ත්‍රාත්තුවක් හේතුවෙන් බව ප්‍රයිම් ලංකා වාර්ථා කලා ඔබට මතක ඇති. ඒ පසුගිය ජූලි මස 22 දායි. එය සනාථ කරමින් වසර දෙකක් සදහා ඔහු බංග්ලාදේශය සමග කොන්ත්‍රාත් ගත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වෙත ඔහු පවසා ඇත්තේ බංග්ලාදේශයේ වේග පන්දු පුහුණුකරු ලෙස තමන් ඉදිරියේදී කටයුතු කරන බවයි. චම්පක රාමනායක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු පුහුණුකරු ලෙස පසුගිය වසර 14 පුරා සේවය කළා. ඔහු මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායමට හදුන්වාදුන් ප්‍රධානම වේග පන්දු යවන්නකු වන්නේ ලසිත් මාලිංගයි. චම්පකට ඉල්ලා අස්වීමට කිසිදු හේතුවක් නැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.මේ අනුව ඉල්ලා අස්වීමට හේතුව බංග්ලාදේශයේ කොන්ත්‍රාත්තුව බව තහවුරු වනවා. තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු පුහුණුකරු තනතුරෙන් ඉවත්වූයේ කිසිදු බලපෑමකට නොව පෞද්ගලික තීරණයක් මත බවයි ඔහු පවසන්නේ. එමෙන්ම නව තනතුර භාරගත්තේ අභියෝග භාර ගැනීමට ඇති කැමැත්ත හේතුවෙන් බවත් ඔහු පවසනවා.

පෙර ලිපිය

චම්පක ඉල්ලා අස්වූනේ කොන්ත්‍රාත්තුවකට ?

 

2 thoughts on “යලිත් ප්‍රයිම් ක්‍රිකට් අනාවැකියක් තහවුරු වෙයි

  • August 7, 2017 at 10:20 am
    Permalink

    අපේ සම්පත් වලින් වෙන රටවල් තමා දැන් ප්‍රයෝජන ගන්නෙ,

    Reply
  • August 20, 2017 at 2:56 am
    Permalink

    Your post is amazing! Do not get afraid to spread your thoughts. Thanks for the advice! Will you write more about this?

    Reply

Leave a Reply

Your email address will not be published.