“රගපෑම වෙනුවෙන් ඕනැම දෙයක් කරන්න මම කැමැතියි” – ෂෙහානි කහදවල

මෑත කාලයේ ටෙලි නාට්‍ය කලාවට එකතුවුණු නවක මුහුණු අතරින්, ප්‍රේක්ෂක ජනාදරයට පත් රංගන ශිල්පිනියක ලෙස ෂෙහානි කහදවල හැඳින්විය හැකි ය. ‘සදපිණි වැස්ස’හි ආකර්ෂණීය දියණිය හා පෙම්වතිය ලෙසින් මේ දිනවල ඇය රංගනයේ යෙදෙනවා.

ඔබේ කලා දිවියේ ඇරැඹුම පිළිබඳ කතා කළොත්?

මට මුලින්ම කලා ක්ෂේත්‍රයේ අවස්ථාව ලැබුණෙ ගීතයක රූප රචනාවකට පෙනී සිටින්නයි. ඉන් පසුව දෙරණ ටී වී නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. මේ කාලය තුළ වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටින්නත් මට හැකි වුණා. මගේ මේ වැඩකටයුතු ඔය විදිහට ටික කාලයක් කරගෙන යද්දි, දෙරණ නාලිකාවෙන් විකාශය වූ ‘ඇසි’ කියන ටෙලි නාට්‍යයේ රඟපාන්න ආරාධනාවක් ලැබුණා. ඒත්,මම ප්‍රේක්ෂකයන් අතරට ගිය ටෙලි නාට්‍ය වුණේ, මගේ දෙවැනි ටෙලි නාට්‍ය වන ‘සුජාතා’ යි. ඒ කාලෙ මට රඟපාන්න ලැබුණු අනෙකුත් ආරාධනාවලට ඉඩක් නොතබාම, මගේ මුළු කාලයම සුජාතා වෙනුවෙන් වැය කළා. ඒ ටෙලි නාට්‍ය අවසන් වුණාට පස්සෙ තමයි ‘ සඳපිණි වැස්ස’ට ඇරියුම ලැබෙන්නෙ. ඒක හොඳ ටෙලි නාට්‍යයක් කියලා මට හැඟුණු නිසා මම ඒකෙ රඟපාන්න කැමැති වුණා.

ඔබ චරිත තෝරගෙනද රඟපාන්නේ? ලැබෙන හැම ඇරියුමක්ම පිළිගන්නේ නැද්ද?

ටෙලි නාට්‍යයක් අනිවාර්යයෙන් ම ප්‍රේක්ෂකයා අතරට යනවා. එතැනදි ඔවුන් අපට ආදරය කරනවා. ඒ නිසා ප්‍රේක්ෂකයන් අතරට යන්න නම් හිතට කා වැදෙන විදිහට රංගනයේ යෙදෙන්න වෙනවා. ඒ නිසා මට ගැළපෙන විදිහට මම චරිත තෝරා ගන්නවා.

මේ දවස්වල ඔබ ‘සදපිණි වැස්ස’ නිර්මාණයට පමණද දායකත්වය ලබා දෙන්නෙ?

තවත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් මේ දවස්වල වැඩි කාලයක් සදපිණි වැස්සට වෙන් කරලයි තියෙන්නෙ. ඒ අතරේ රියලිටි වැඩසටහනහකටත් ඇරියුම් ලැබිලා තියෙනවා. මේ වැඩත් එක්ක ටිකක් කාර්ය බහුල කාලයක් තමයි ගෙවා දමන්නේ. තවත් වැඩ ආවොත්, කාලය කලමනාකරණය කරගෙන ඒවා බාර ගන්නවා.

නවක නිළියක් විදිහට ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවද?

චරිතාංග නිළියක් වෙන්න සහ සිනමා නිර්මාණවලට දායක වෙන්න මම කැමතියි. ආරාධනා ලැබුණොත්, අනිවාර්යයෙන්ම මම සිනමාවට සම්බන්ධ වෙනවා.

ඔබට අනුව රංගනය කියන්නෙ සරල කටයුත්තක්ද?

කාටහරි යම්කිසි දක්ෂතාවක් තියෙනවා නම්නෙ රංගනයක යෙදෙන්න පුළුවන්. චරිතයෙන් චරිතයට ඒක දැනෙන විදිහ වෙනස්. මම හිතන්නෙ කිසිම දෙයක් ලේසියෙන් කරන්න බැහැ.

මතු අපේක්ෂා කරා ළං වෙන්න නම්, කළයුතු කැපවීම මේ වෙනකොට ඔබ හඳුනගෙනද ඉන්නෙ?

මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න හිතනවා නම්, අපි අනිවාර්යයෙන්ම රංගනය ගැන ඉගෙනගත යුතුයි. මට මුලින් මේ ගැඹුර දැනුනෙ නැහැ. රංගනයට ආවට පස්සෙයි ඒක දැනුනෙ. රංගනය කියන්නෙ මතුපිටින් පෙනෙන සරල සුන්දර දෙයට වඩා, බොහෝ ගැඹුරක් තියෙන දෙයක්. මේ දිනවල කරගෙන යන වැඩ එක්ක කාර්ය බහුල කාලයක් ගත කරන නිසා, අධ්‍යයනය කරන්න කාලයක් නැහැ. ඒත්, ඉදිරියේදි රංගනය ඉගෙන ගන්න අපේක්ෂාවෙන් සිටින්නෙ.

රංගන ක්ෂේත්‍රය කියන්නෙ ඔබගේ ජීවිතයේ සිහින සැබෑවීමක් කියලා කිව්වොත්, එය නිවැරැදිද?

ගුවන් සේවිකාවක් වෙන්නයි මම මුලින්ම කැමති වෙලා හිටියෙ. ඒත්, අහම්බෙන් කලාවට යොමු වුණා. මේ ක්ෂේත්‍රයට ආවට පස්සෙ, රංගනයට මගේ කැමැත්තක් ඇති වුණා. මේ වෙනකොට මම රංගනයට ආදරය කරනවා. ඒ ගැන සිහින දකිමින් ඉන්නවා.

ඔබට ලැබෙන ඕනෑම චරිතයක් රඟපෑමට ඔබ සූදානම්ද?

රංගන ශිලපිනියක් කියන්නෙ මොන විදිහේ චරිතයක් වුණත් කරන්න හැකියාව තියෙන කෙනෙක් කියලයි මම විශ්වාස කරන්නෙ. වෙනස් චරිත ලැබෙනවා කියන්නෙ රංගන ශිල්පිනියකට හොඳ අවස්ථාවක්. මම එක තැනකට කොටුවෙලා නැහැ. විවිධ චරිත ලැබෙනවා කියන්නෙ අපට අභියෝගයක්. ඒ අභියෝගය බාර ගන්න මම කැමැතියි.

ඔබට රංගන ක්ෂේත්‍රයේ පූර්වාදර්ශයක් වූ චරිත තියෙනවද?

ස්වර්ණා මල්ලවාරච්චි මහත්මියට මම හරි ම කැමතියි. ඇයගේ ජීවිතය, ඇගේ ප්‍රතිරූපය පවත්වාගෙන යන අන්දම, ඇගේ දැනුම්වත් භාවය වගේම, ඇගේ රංගනය මේ හැම දෙයක්ම මම හරියට අගය කරනවා.

සමාජ මාධ්‍ය නිතරම කලාකරුවන් පිළිබඳ පුවත් මවනවා. මේ තත්ත්වය දෙස ඔබ බලන්නෙ කොහොමද?

සමාජ මාධ්‍ය කියන්නෙ හොඳ දෙයක්. ඒක මුළු ලෝකයටම විවෘත වූ මාධ්‍යයක්. ඒ මාධ්‍ය මඟින් අපි ගැන කතා කරද්දි, මුළු ලෝකයම අප ගැන දැන ගන්නවා. ඒත්, මේ මාධ්‍ය ගැන තේරුම් ගන්න බැරි පිරිසක්, ඒක පහත් දේවලට යොදා ගන්නවා.

ඔබ ,එබේ අනාගත සහකරු මේ වෙද්දි තෝරගෙනද ඉන්නේ?

නැහැ. මම ආදරය කරන්නෙ නැහැ. මම මගේ පාඩුවේ පැත්තකට වෙලා, මගේ වැඩ කටයුතු කරගෙන යනවා. ඕවට පැටළුණොත්, මට මගේ වැඩ කර ගන්න ලැබෙන්නෙ නැහැ.

ආදරය ජීවිතයට බාධා‍වක් කියලද ඔබ හිතන්නෙ?

බාධාවක් නෙමෙයි. ඒත් මම දැන්ම ඒ ගැන හිතලා නැහැ.

ඔබ‍ගෙ පවුලෙ තොරතුරු ගැන පැවසුවොත්?

මගේ පවුලෙ ඉන්නෙ අම්මයි, තාත්තයි, මමයි විතරයි.

ඔබගෙ රංගන කටයුතුවලට මවුපියන්ගෙන් ලැබෙන සහය කෙබඳුද?

අම්මයි, තාත්තයි කලාවට ආදරෙයි. ඕනම කෙනෙක් කලාව විඳිනවනෙ. රංගනය කියන්නෙ ඒ කලාවෙ එක කොටසක්. මම රංගනය තෝර ගත්තහම, මගේ මවුපියන් කැමැති වුණා.

රංගන ක්ෂේත්‍රය තරුණ ගැහැනු ළමයින්ට අනාරක්ෂිත තැනක් කියලා මතයක් තියෙනවා නේද?

තැනකට ගියහම ඉන්න ඕන විදිහ අපි දැනගන්න ඕනැ. කලාකරුවන් ගැන සමාජයේ වැඩි අවධානයක් තියෙනවා. ඒ නිසා සමාජයේ හැසිරෙද්දි අපි බුද්ධිමත් වෙන්න ඕනෑ. සමහරුන්ට ප්‍රසිද්ධිය අවශ්‍ය නිසා,ප්‍රසිද්ධ වෙන්න යම් යම් දේ කරනවා. ඒක ඒ ඒ කෙනාගෙ කැමැත්ත අනුව සිදුවන දෙයක්.

ඔබත් ආරක්ෂකයෙක් එක්ක රෑගත කිරීම්වලට යන කෙනෙක්ද?

රඟපාන්න යද්දි මම පුළුවන් වෙලාවට අම්මත් එක්ක යනවා. ඒත් අම්මා නෙමෙයි, කවුරු එක්ක ගියත්, දෙයක් කරන්න ඕනනම්, ඒ කෙනා තමන්ට ඕනදේ කරනවා. මම නිතිපතා රංගනයේ යෙදෙන නාට්‍යවල වැඩ කරද්දි, ඒවට තනියම යනවා. ඒ තැන්වල ඉන්නෙ හැමදාම දකින, දන්න අඳුනන අය. ඒත්, දුර පළාත්වල වැඩකට යද්දි, මම අම්මත් එක්කයි යන්නේ.

මේ දිවනල ඔබ ගැන හැම දෙනාම කතා කරන මාධවීගේ චරිතය ගැන කතා කළොත්?

මේ චරිතය මගේ ජිවිතයට සම්බන්ධයි. ඒත්, ඒ චරිතය අම්මත් එක්ක නිතර ගැටුම් ඇතිකර ගන්නවා. සැබෑ දිවියේ මම අම්මත් එක්ක ගැටුම් ඇතිකර ගන්න කෙනෙක් නෙමෙයි. ඒත්, මාධවී කියන්නෙ කියන දේ අහගෙන ජීවත්වෙන, අහිංසක ලස්සන චරිතයක්. සඳපිණි වැස්සෙ රඟපාන්නෙ බොහොම ප්‍රවිණ ශිල්පීන්. ඒ හැමෝගෙන්ම මට විශාල සහයක් ලැබෙනවා.

සංවාදය – ධම්මිකා සුරංජි 

22 thoughts on ““රගපෑම වෙනුවෙන් ඕනැම දෙයක් කරන්න මම කැමැතියි” – ෂෙහානි කහදවල

  • January 17, 2018 at 10:15 am
    Permalink

    Agoraphobia reprsents the worry of being in places
    from where escaping is tough oor impossible. The founder of
    modern psychiatry, Sigmund Freud had pointed that mental disorders
    tend to be often absolutely nothing the consequence oof unrealized and un-integrated (with life) creativity.
    ‘ Do not try to find one answer – because there could
    be many swimming in your head and if you’re trying to fiund one answer you could be disappointed enough tto halt
    searching.

    Reply
  • January 17, 2018 at 11:58 am
    Permalink

    After looking into a number of the blog articles on your
    website, I honestly appreciate your technique of writing a blog.
    I added it to my bookmark site list and will be checking back soon. Take a look at my web site as well and let me know what you think.

    Reply
  • January 17, 2018 at 9:04 pm
    Permalink

    I want to to thank you for this excellent read!!
    I absolutely loved every little bit of it. I have got you book marked to check out new things you post…

    Reply
  • January 18, 2018 at 11:46 am
    Permalink

    You really make it appear really easy together with your presentation but I
    to find this topic to be actually one thing that I believe I might never understand.
    It sort of feels too complex and very large for me.
    I am taking a look ahead on your next submit, I’ll attempt to get
    the hang of it!

    Reply
  • January 18, 2018 at 7:23 pm
    Permalink

    What a data of un-ambiguity and preserveness of valuable knowledge regarding
    unpredicted feelings.

    Reply
  • January 18, 2018 at 7:25 pm
    Permalink

    Hello there, just became alert to your blog through Google, and
    found that it is truly informative. I’m going to watch out
    for brussels. I will be grateful if you
    continue this in future. Many people will be benefited from your
    writing. Cheers!

    Reply
  • January 18, 2018 at 9:55 pm
    Permalink

    Hi there, I found your site by means of Google while searching for a comparable subject, your web site got here up, it seems good.

    I’ve bookmarked it in my google bookmarks.
    Hi there, just changed into aware of your weblog through Google, and located that it’s
    really informative. I am going to be careful for brussels.
    I will appreciate in the event you proceed this in future.
    Lots of other people will likely be benefited out of your writing.
    Cheers!

    Reply
  • January 18, 2018 at 11:57 pm
    Permalink

    I wanted to thank you for this excellent read!!

    I absolutely loved every bit of it. I’ve got you saved as
    a favorite to check out new things you post…

    Reply
  • January 19, 2018 at 1:21 am
    Permalink

    edm邮件群发听说过吧?你知道吗?赫赫有名的。名副其实也。大家都明白,成功,并非一蹴而就。

    负面信息删除

    Reply
  • January 19, 2018 at 1:27 am
    Permalink

    What’s up, yeah this post is in fact nice and I have learned lot of things
    from it regarding blogging. thanks.

    Reply
  • January 19, 2018 at 4:00 am
    Permalink

    Howdy! Quick question that’s totally off topic.
    Do you know how to make your site mobile friendly?
    My website looks weird when viewing from my iphone. I’m trying
    to find a theme or plugin that might be able to fix this issue.
    If you have any recommendations, please share. Thanks!

    Reply
  • January 19, 2018 at 6:31 am
    Permalink

    我觉得网站做就做好。|
    thіs imagе 最好的|非常好的|绝对最佳|最好的可能|数字1 |第一|#1 |#一|绝对顶|非常顶|完美|最好|极好|最高评分|顶级|完美|最有趣|有趣|领先一个|最伟大|最有效|理想|独特|完全独特|吸引人|激动人心|迷人|迷人|独特|不同|特殊|一个|特殊|特色|令人愉快|诱人|迷人|愉悦|理想|鼓舞人心|梦幻|卓越|令人振奋|刺激|愉快|惊险|不寻常|挑战|最好的}

    网站SEO

    听到过这牌子?听过这个品牌?你知道这个品牌?名气大着呢。有名的东西自有他的道理。你若知道,
    达到目的,并非一蹴而就。

    Reply
  • January 19, 2018 at 8:30 am
    Permalink

    I’ve been exploding for a bit for any high quality articles or weblog posts in this kind off space .
    Exploring in Yahoo I eventually stumbled upon this web site.
    Reading this information So i’m satisfied to exhibit that I havee
    an incredibly just right uncanny feeling I came upon just what I
    needed. I most surely will make sure to do not overlook
    this site and provides itt a glance regularly.

    Reply
  • January 19, 2018 at 1:03 pm
    Permalink

    It’s not my first time to pay a visit this website, i am
    browsing this site dailly and take good facts from here everyday.

    Reply
  • January 19, 2018 at 1:59 pm
    Permalink

    My brother recommended I might like this web site.
    He was entirely right. This post truly made my day.
    You can not imagine simply how much time I had spent for this info!
    Thanks!

    Reply
  • January 19, 2018 at 3:39 pm
    Permalink

    It’s very trouble-free to find out any matter on web as compared to
    textbooks, as I found this paragraph at this site.

    Reply
  • January 19, 2018 at 3:40 pm
    Permalink

    I have read so many articles concerning the blogger lovers
    however this paragraph is really a good paragraph, keep it up.

    Reply
  • January 19, 2018 at 8:50 pm
    Permalink

    Hello There. I found your blog using msn. This is a very smartly written article.
    I will be sure to bookmark it and come back to learn more of
    your helpful info. Thanks for the post. I will certainly return.

    Reply

Leave a Reply

Your email address will not be published.