රත්මලානේ ගින්න ගැන සැක – Video

රත්මලාන අත්තිඩිය පාරේ බෙහෙත් ගබඩාවේ ඇතිවූ ගින්න අස්වාභාවික එකක් බවට සැකයක් මතුවන බව උසස් පොලිස් නිලධරයෙක් ප්‍රයිම් ලංකා වෙත කියා සිටියා. ගින්න කඩින් කඩ ඇති වී තිබෙන බවත් එක් තැන ඖෂධ පෙට්ටි කිහිපයක් ගිනි ගෙන එම ස්ථානයේ සිට මීටර් 20ක් පමණ ඈතින් නැවතත් ගිනි ගැනීමක් සිදුව ඇති බවත් ඔහු කියා සිටියා.

ගිනි නිවන භටයින් හා පොලිසිය ගින්න වඩාත් පැතිර ඇති ස්ථාන සඳහා ජල ප්‍රහාර එල්ල කිරීමට බැකෝ යන්ත්‍ර යොදාගෙන එහි බිත්ති කැඩීම සිදුකර ඒ කරා ළඟා වුවද එම ස්ථානවලට පහසවෙන් යා හැකි මාර්ග ගබඩාව අභ්‍යන්තරයේ ඇති බව ගබඩාවේ නිලධාරීන් ඔවුන්ට පවසා නැතැයි ද අදාළ නිලධරයා පවසනවා.

මීට පෙර කළ පරීක්ෂාවකදී එම ගබඩාවේ තිබී කල් ඉකුත්වූ බෙහෙත් ද්‍රව්‍ය හමුවී ඇතැයි ද අප වාර්තාකරු කියා සිටියා. මෙය මහරාජා ව්‍යාපාරයක් ලෙස පැවත ඇතැයි සදහන්.

මෙම ගින්න හේතුවෙන් හටගත් දුමාරය විශ සහිත බවයි වෛද්‍යවරුන් කියා සිටියේ. මෙම ගබඩාව ගිණි ගැනීම පිලිබද විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් ප්‍රදේශවාසීන් පවසනවා.

2014 වසරේදී මෙම ගබඩාවේ රුපියල් ලක්ෂ 50 ක් වටිනා කල් ඉකුත් වූ බෙහෙත් තිබී හමුවීමත් සමග පාරිබෝගික සේවා අධිකාරිය ගල්කිස්ස අධිකරණයේ නඩු පැවරීමක් සිදුකර තිබෙනවා. එම නඩුව යලි කැදවිම අද සිදුකිරීමට නියමිතව තිබියදීයි මෙම ගිණි ගැනීම සිදුව ඇත්තේ. ගබඩාව සීල් තැබීමටත් කටයුතු කල එකක් බව සදහන්.

 

Leave a Reply

Your email address will not be published.