රවී අලුත් කථාවක් කියයි

අකාර්යක්ෂම නිලධාරීන්ට හා  දේශපාලනඥයන්ට ඉඩදී රටේ සංවර්ධන ක්‍රියාදාමය අකර්මණ්‍ය කිරීමට වෘත්තිකයන් ලෙස ඉඩ නොතැබිය යුතු බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙතෙක් මෙරට පැවැති  එබඳු නිලධාරීවාදයට වෘත්තිකයන් මෙන්ම ඇතැම් දේශපාලනඥයන්ද හිස නමන තත්ත්වක් පවතින බවයි. එහෙත් ඉන් පීඩාවට පත් වන්නේ රටේ පොදු මහ ජනතාව බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රාජ්‍ය ප්‍රසම්පාදන සහ කොන්ත්‍රාත් පරිපාලන ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්ක උත්සවයට එක්වෙමිනි.

මෙහි ප්‍රධාන දේශකයා ලෙස සහභාගී වූයේ බ්‍රිතාන්‍යයේ “මිල දී ගැනීම් සහ සැපයුම් පිළිබඳ වරලත් ආයතනයේ” ප්‍රසම්පාදන විශේෂඥ සහ වංචා විමර්ශක ආචාර්ය කොලින් ක්‍රාම් මහතායි.

Leave a Reply

Your email address will not be published.