රාජගිරිය අමතක කොට නිදහසේ පියඹාන්න

තලවතුගොඩ සිට හා බත්තරමුල්ල සිට කොළඹ දෙසට ගමන් කරන රථ වාහන වලට විශාල ප්‍රශ්නයක් වී තිබුනේ රාජගිරිය මංසන්දියේ ඇතිවන රථවාහන තදබදයයි.මේ හේතුවෙන් උදෑසන 7න් පසු කුළී රථ රියදුරෙක් හෝ මෙම මාර්ගය භාවිතා කිරීමට දැක්වුයේ දැඩි මැලිකමක්.ඊට විසඳුමක් ලෙස රජයේ සංවර්ධන සැලැස්මක් ලෙස ක්‍රියාත්මක වූ රාජගිරිය ගුවන් පාලම අද අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරුණා. ඒ අනුව අද සිට මෙම මාර්ගය භාවිතා කරන්නන් හට මද අස්වැසිල්ලක් ලැබෙනු ඇති. රුපියල් බිලියන 4යි දශම 5ක වියදමින් ඉදිකළ මෙම ගුවන් පාලම දිගින් මීටර 540ක් පමණ වනවා.

මේ පිලිබඳ අදහස් දැක් වූ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක නිහාල් සූරියආරච්චි මහතා පැවසුවේ මේ සමග බැඳුණු තවත් මාර්ග 4ක් නවීකරණය කිරීමට අධිකාරිය සැලසුම් සකස් කර ඇති බවයි.එසේම මේ සඳහා වැය කළ මුදල මෙහි තිබු මාර්ග තදබදය නිසා වසර 3ක් තුළ දහනය වන ඉන්ධන ප්‍රමාණයයේ මුදලට සමාන බවද ඒ මහතා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published.