රෝහිත රාජපක්ෂ බිලියන 27 ක් වැයකළ සුප්‍රීම් සැට් වන් චන්ද්‍රිකාව උඩගිහින් නෑලු

ශ්‍රී ලංකාවේ සම්බන්ධයක් ඇතිව පසුගිය කාලයේ අභ්‍යවකාශ ගතකළ බව කියන සුප්‍රීම් සැට් වන් නමැති චන්ද්‍රිකාවට කුමක් සිදුවූයේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළා. එවැනි චන්ද්‍රිකාවක් ගැන හෝ එවැනි ව්‍යෘපෘතියකට සම්බන්ධ වූ බව කියන සමාගමේ පළපුරුද්ද පිළිබඳව හෝ තමන් දන්නේ නැති බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පිළිතුරු දෙමින් කියාසිටියා.

එවැන්නක් අභ්‍යවකාශයට ගොස් නැති බවයි එහිදී කියවුණේ. හිටපු ජනාධිපතිවරයාගේ තුන්වන පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා එවකට මෙම චන්ද්‍රිකාව උඩු ගුවනට ගෙන යෑමේ නියමුවා ලෙස කටයුතු කරනු ලැබුවා. චීනයේ සහය ඇතිව එය සිදුකරන බවයි ප්‍රකාශ කෙරුණේ.

ඒ සදහා රුපියල් බිලියන 27 ක් එවකට රජය වැයකරනු ලැබූ බව ප්‍රකාශ කෙරුණා.

Leave a Reply

Your email address will not be published.