ලංකාව මට්ටු කරන්න හදපු ජයලලිතා නික්ම යයි

ඉන්දීය දේශපාලනයේ වඩාත් බලවත් මෙන්ම, වඩාත් වර්ණවත් චරිතයක් ලෙස ප්‍රකට වූ ජයලලිතා අවුරුදු 68ක් ආයු වළඳා ඊයේ (05දා) මධ්‍යම රාත්‍රියට ආසන්නව චෙන්නායි හිදී අවසන් හුස්ම හෙලුවා.

තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඉරිදා රාත්‍රියේ චෙන්නායි හි ඇපලෝ රෝහලට ඇතුළත් කළ අතර, ඇය මියගිය පුවත සඳුදා රාත්‍රී 11.30 ට එම රෝහල තහවුරු කළා. මේ අනුව තමිල්නාඩුවේ දින 7 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ අතර තමින්නාඩු රජය විසින් අද (06දා) තමිල්නාඩුවේ ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කර තිබෙනවා. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06දා) සවස සිදුකිරීමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඇයගේ ප්‍රධානතම අනුගාමිකයෙක් මෙන්ම තමිල්නාඩුවේ වත්මන් මුදල් ඇමතිවන ඕ. පනීර්සෙල්වම් තමින්නාඩුවේ මහ ඇමති ලෙස ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂය විසින් ඒකමතිකව තීරණය කර ඇතැයි සදහන්. ඒ අනුව ඔහු අද අලුයම 1ට පමණ තෙවැනි වතාවටත් තමිල්නාඩු මහ ඇමති ලෙස දිවුරුම් දුන්නා.

One thought on “ලංකාව මට්ටු කරන්න හදපු ජයලලිතා නික්ම යයි

  • December 6, 2016 at 12:04 pm
    Permalink

    නොදකින් නාකි මළ සමයම තොලොන්ජි වෙලා ගිය එකමයි හොඳ.

    Reply

Leave a Reply

Your email address will not be published.