ලක්ෂ 1380 ක් විනාශ කිරීමකටත් නාමල් හවුල්ලු

ක්‍රමවේදයෙන් බැහැරව ඉවක් බවක් නොමැතිව වරාය අධිකාරිය සතු මහජන මුදල් රුපියල් ලක්ෂ එක්දහස් තුන්සිය අසූවක් වසර 2010දී හම්බන්තොට වරායට වතුර පිරවීම හා විවෘත කිරීමේ උත්සව සඳහා වැය කිරීමට අදාළ සිදුවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමක් තිබුණ බවට ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අනාවරණය වී තිබෙනවා.

මේ බව තහවුරු කෙරෙන ලිඛිත සාක්ෂිය රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා කොමිසම හමුවට ඉදිරිපත් කර ඇතැයි සදහන්.

එම ලිඛිත සාක්ෂිය වන්නේ ක්‍රියේටිව් හෙලන්කා සමාගමේ අධ්‍යක්ෂ ජැක්සන් ඇන්තනි මහතා එවකට හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රම මහතාට ඉදිරිපත් කර තිබුණ ලිපියක්.

එම ලිපියේ ප්‍රථමයෙන් සඳහන් කර තිබෙන්නේ නාමල් රාජපක්ෂ මහතා ජැක්සන් ඇන්තනි මහතාගේ සංකල්පය පිළිගෙන එයට ස්තූතිය ප්‍රකාශ කර තිබෙන බවයි. එම නිසා ගිවිසගත් මුදල් ගෙවීමට ක්‍රියා කරන ලෙසට එම ලිපියෙන් ජැක්සන් ඇන්තනි මහතා ප්‍රියත් බන්දු වික්‍රම මහතාට දැනුම් දී තිබෙනවා.

ජැක්සන් ඇන්තනි මහතාට වරාය අධිකාරියෙන් රුපියල් දෙකෝටි නවලක්ෂ තිස්හතර දහසක මුදලක් ගෙවා තිබෙන බව පොලිස් පරීක්ෂක අනුරුද්ධ මහතාගේ අධීක්ෂණයෙන් පොලිස් කොස්තාපල් ප්‍රියන්ත (3819) මහතා සිදු කර තිබෙන විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇතැයි සදහන්.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා මෙම කරුණු අනාවරණය කළේ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා සභාපතිත්වය දරන මහාධිකරණ විනිසුරුවරුන් වන විකුම් කළුආරච්චි, පියසේන රණසිංහ, ගිහාන් කුලතුංග සහ විශ්‍රාමලත් විගණකාධිපති පී.ඒ පේමතිලක මහත්වරුන්ගෙන් හෙබි පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේදීයි.

One thought on “ලක්ෂ 1380 ක් විනාශ කිරීමකටත් නාමල් හවුල්ලු

  • November 24, 2016 at 8:16 pm
    Permalink

    නොදකින් අර නාකි සමයමගේ මූණ බාගෙට පිච්චිච්චි ගල් බනිස් ගෙඩියක් වගේ. මේකි (කැ) සිරිලිය සවියෙන් ගහපු ගැහිලි වලට නඩු නොදාන්නේ UNP සපෝට් එක ( අර විජයදාස රාජපක්ෂ කියන දෙපිටකාට්ටුවා) නිසා.

    නාමලා තව වැඩිකල් යන්න ඉස්සර තජුදීන් කේස් එකට ගස් යනවා.

    Reply

Leave a Reply

Your email address will not be published.