ලක්ෂ 20 ක ඇදුමක් ගත්ත හිටපු මහ බැංකු අධිපති එක රැයක හෝටල් දෙකක නිදියලා

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව කියන තවත් මූල්‍ය අක‍්‍රමිකතා කිහිපයක් පිළිබඳව දූෂණ විරෝධී පෙරමුණ අනාවරණයක් සිදු කළා. එ් කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි. ඊට එක් වූ දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවසුවේ අර්ජුන් මහේන්ද්‍රන් රුපියල් ලක්ෂ 660ක මුදලක් අයථා ලෙස පරිහරණය කර ඇතැයි අභ්‍යන්තර විගණන වාර්තාවකින් අනාවරණ වී ඇති බවයි.

පසුගිය මාර්තු 16 වැනිදා ඉන්දියාවේ සමුළුවකට සහභාගි වී එකම රාත්‍රියේ හෝටල් දෙකක රැය ගත කර මහ බැංකුවට රුපියල් 106,102 ක මුදලක් අහිමි කර තිබෙන බවද එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කළා.

මේ අනුව එක් හෝටලයකට රුපියල් 59,381 ක මුදලකුත්, තවත් හෝටලයකට රුපියල් 46,721 ක මුදලකුත් ඉන්දියානු රුපියල්වලින් ගෙවා තිබෙන බවද මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු කියා සිටියා.

රුපියල් ලක්ෂ 20ක් වටිනා යුරෝපීය ඇඳුමක් මිලදී ගැනීම ඇතුළු කාරනා කිහිපයක් සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් දැක්වුණා.

සිදුව ඇතැයි කියන මෙම වංචාව සම්බන්ධයෙන් ඉදිරියේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

 

5 thoughts on “ලක්ෂ 20 ක ඇදුමක් ගත්ත හිටපු මහ බැංකු අධිපති එක රැයක හෝටල් දෙකක නිදියලා

  • July 26, 2017 at 6:40 pm
    Permalink

    An outstanding share! I have just forwarded this onto a coworker who has been doing a little research on this. And he actually bought me breakfast because I stumbled upon it for him… lol. So let me reword this…. Thanks for the meal!! But yeah, thanks for spending time to talk about this matter here on your site.

    Reply
  • July 26, 2017 at 6:41 pm
    Permalink

    What’s up mates, how is everything, and what you wish for to say about this piece of writing, in my view its actually amazing for me.

    Reply
  • July 26, 2017 at 6:41 pm
    Permalink

    Great blog here! Also your web site loads up fast! What web host are you using? Can I get your affiliate link to your host? I wish my site loaded up as fast as yours lol

    Reply
  • July 26, 2017 at 6:41 pm
    Permalink

    I want to to thank you for this very good read!! I definitely enjoyed every bit of it. I have you book marked to check out new things you post…

    Reply

Leave a Reply

Your email address will not be published.