ලසන්තගේ දේහය ගොඩ ගන්න ඉල්ලූ හේතුව

ඉකුත් පාලන සමයේ ඝාතනයට ලක්වූ ප්‍රවීණ මාධ්‍යවේදී,සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ මෘත දේහය යළි ගොඩගැනීමට අධිකරණය විසින් අවසර ලබාදී තිබෙනවා. අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගෙනයි මෙම අවසරය ලබාදී ඇත්තේ.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයෙන් පසු දේහය පිළිබඳ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවත්, රෝහලේදී සිදුකළ ශල්‍ය කර්මය පිළිබඳ වාර්තාවත්, ඝාතනය වූ ස්ථානය සම්බන්ධයෙන් ලබාගෙන ඇති රස පරීක්ෂක වාර්තාවත් අතර යම් යම් පරස්පරා පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් අධිකරණයට පෙන්වා දුන්නා.

ඒ අනුව මෙම පරස්පරතාවන් සම්බන්ධයෙන් අවධානය යොමුකොට තවදුරටත් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා  දේහය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය බවටයි අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ.

ඒ අනුව අදාළ මෘත දේහය බොරැල්ල කනත්තේ මිහිදන් කර ඇති ස්ථානයෙන් සැප්තැම්බර් මස 27වන දින පෙ.ව 8.00 ට කොළඹ අලුත්කඩේ අංක 2 මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ගොඩගන්නා ලෙස අධිකරණයෙන් දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.