ලොව බලවත්ම කාන්තාව වෙන්න හිලරි තවත් පියවරක් ඉදිරියට

හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් පණිවුඩ හුවමාරුව සම්බන්ධයෙන් සාපරාධී චෝදනා එල්ල නොකරන බවට එෆ්බීඅයි හෙවත් ෆෙඩරල් විමර්ශන කාර්යාංශය කළ ප්‍රකාශය ඉතා අවිධිමත් බවට ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරනවා.

ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ආන්දෝලනාත්මක ඊමේල් පණිවුඩ සම්බන්ධයෙන් පෙර පැවැති පරීක්ෂණයේදී එළැඹුනු නිගමනයට වෙනස් තීන්දුවක් දීමට තරම් නව තොරතුරු හෙළි වී නැති බවට එෆ්බීඅයි ප්‍රධානීයා ප්‍රකාශයක් නිකුත් කළා.

දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවතුනු මෙම ප්‍රශ්නයට විසඳුමක් ලැබීම ඉතා සතුටුදායක පුවතක් බව ජනාධිපති අපේක්ෂිකාවගේ මැතිවරණ ප්‍රචාරණ වැඩසටහන පවසනවා.

ඇමරිකානු ජනාධිපතිවරණයට දිනකට පෙර ඇති වූ මෙම නව වෙනස හිලරි ක්ලින්ටන් කඳවුර ලද ජයග්‍රහණයක් ලෙසයි හැඳින්වෙන්නේ.

ඔබාමා පාලනය යටතේ 2009 – 2013 කාලය තුළදී ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්ලින්ටන් රාජ්‍ය කටයුතු සඳහා සිය පෞද්ගලික ඊමේල් ගිණුම භාවිත කිරීම, ඇයට එල්ලවූ චෝදනාවලට පාදක වුණා.

Leave a Reply

Your email address will not be published.