ලෝක බොක්සිං ශූරතාවයට වරම් දිනු දිනිඳු

ආසියානු බොක්සිං ශුරතාවලිය පසුගියදා උස්බෙකිස්තානයේ ටස්කන්ට් නුවරදී පැවැත්වුණා.ලෝක ශූරතා බොක්සිං තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් ලෙස පැවැත්වූ මෙහිදී ශ්‍රී ලංකාවෙන් එක් ක්‍රීඩකයෙක් ඒ සඳහා සුදුසුකම් ලබාගත්තා.ඒ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 64 බර පන්තියෙන් ක්‍රීඩා කල දිනිඳු සපරමාදුයි.ආසියානු මහද්වීපයෙන් තරගකොට ලෝක ශුරතාවයයකට සුදුසුකම් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික බොක්සිං ක්‍රීඩකයා වීමේ ගෞරවය ඒ අනුව දිනිඳු සපරමාදුට හිමිවෙනවා.

ආසියානු මහාද්වීපයේ රටවල් 29ක බොක්සිං ක්‍රීඩකයන් සහභාගී වූ මෙම තරගාවලියට ඇතුලත් වූ බර පන්ති ගණන 10 ක්.ඒ අනුව එක් බර පන්තියක් යටතේ හොඳම ක්‍රීඩකයන් හය දෙනා ලෝක ශුරතාවය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.ඒ අනුව ආසියාවේ හොඳම බොක්සිං ක්‍රීඩකයන් හයදෙනා අතරට පැමිණිම සඳහා පැවැත් වූ එක් තරගයකදී සපරමාදුගේ ප්‍රතිවාදියා වුයේ එම බර පන්තියේ ඔලිම්පික් රන් පදක්කම් ලාභියා වීමත් විශේෂත්වයක්.

තරගාවලිය සඳහා උස්බෙකිස්ථානය, කසක්ස්ථානය,ටජිකිස්ථානය,චීනය,ජපානය,තායිලන්තය.කොරියාව,ඉන්දියාව,සිංගප්පුරුව වැනි සියළුම ප්‍රබල බොක්සිං ක්‍රීඩා කරන රටවල් සහභාගිවුනා.මෙම සුවිශේෂී ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේදී සපරමාදුව පිළිගැනීමට ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය හා ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනය ක්‍රියා කළා.

ස්ලිම්ලයින් බොක්සිං කණ්ඩායම

 

දිනිඳුට උණුසුම් පිළිගැනීම්

Leave a Reply

Your email address will not be published.