වදින්න ගිය දේවාලය හිසට කඩා වැටී 60 ක් එලොව යයි

නයිජීරියාවේ ඌයෝ නගරයේ දේවස්ථානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් හැට දෙනෙකුවත් මිය ගොස් තවත් කීප දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තාවනවා. මරුමුවට පත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව එයට වඩා බෙහෙවින් වැඩි අගයක් ගන්නා බවයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන්නේ. රෝහල් වෙතින් ලැබෙන වාර්තාවලින් පැවසෙන්නේ නගරයේ මෘත ශරීරාගාර මළ සිරුරුවැලි පිරී ඇති බවයි.

ආගමික උත්සවයක් සඳහා දේවස්ථානය තුළ එක් රැස් වූ බැතිමතුන් මතට එහි වහලය කඩා වැටීමෙන් අනතුර සිදු වී තිබෙනවා.

දේවස්ථානය පිළිසකර කෙරෙමින් පැවති බව කී අනතුර ඇසින් දුටුවෙක්, උත්සවය පැවැත්වීමට දේවස්ථානය සුදානම් කිරීම සඳහා එහි කටයුතු ඉක්මනින් අවසන් කොට ඇති බවයි සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published.