වැස්ස වලාහක දෙවියන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගලවා ගනී ?

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග අද ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සියළුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 117 ක් පමණයි. මෙම තරගයෙන් ටෙස්ට්වරම් හිමිකරගත් ලක්ෂාන් සදකැන් නොදැවී ලකුණු 19 ක් ඉනිමට එක්කළා. ලකුණු 24 ක් ලබා ගනිමින් වැඩිම ලකුණු ලාභියා වූ ධනංජය ද සිල්වාගේ පළමු ටෙස්ට් තරගය මෙය වීමත් විශේෂත්වයක්. මේ අනුව නවකයින් දෙදෙනා පමණක් පිතිකරුවන් ලෙස සාර් ථක වීම ජේෂ්ඨයින්ට දැඩි ප්‍රහාරයක් බවයි විචාරකයින් පවසන්නේ.

අනතුරුව පිලිතුරු ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියාව කඩුලු දෙකක් දැවී ලකුණු 66 ක් ලබා සිටියදී වර් ශාවෙන් බාධා එල්ල වුණා. මේ අනුව නතරකළ තරගය නැවත අද දිනයේ ආරම්භ ක‍ළේ නැහැ. ඕස්ට්‍රේලියා උපදේශක පුහුණු තණතුරක් භාරගත් මුත්තයියා මුරලිදරන් ප්‍රකාශ කර තිබුනේ මෙම තරගය දින තුනක් තුල අවසන් කිරීමට ඕස්ට්‍රේලියාවට හැකිවනු ඇති බවයි. පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගයේ හෙට දෙවන දිනයයි.

One thought on “වැස්ස වලාහක දෙවියන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගලවා ගනී ?

  • July 27, 2016 at 10:01 pm
    Permalink

    ඔන්න ඉතින් අද ඕස්ට්‍රේලියාවටත් 203 ට අවුට් වෙන්න වුනා

    Reply

Leave a Reply

Your email address will not be published.