වික්ටර් ගැනත් සැකයක්

ප්‍රවීණ ගායන ශිල්පි වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ හෂිනි නිලක්ෂි රත්නායක මහත්මිය විසින් සිදුකරන ලද රුපියල් ලක්ෂ 12 කට වඩා වටිනා රන් භාණ්ඩ වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස තංගල්ල විශේෂ විමර්ශන ඒකකයට නීතිඥවරයකු මාර්ගයෙන් භාරවීමෙන් පසු ‍ඇයව පොලිස් අත්අඩංගුවට ගෙන තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරා.

2014 වසරේ සිට 2016 දක්වා කාලය තුලදී තංගල්ල මහජන බැංකුවේ උකස් අංශයේ සේවය කරමින් සිටියදී රුපියල් 1,280,000 ක මුදල් වංචාවක් සිදුකර ඇති බව පරීක්ෂණවලදී අනාවරණයවී ඇති අතර මුලින්ම මෙම මුදල් වංචාව සම්බන්ධව අදාළ බැංකු ශාඛාවේ කළමනාකරු 2016 වසරේදී ‍පොලිසියට පැමිණිලි කර තිබුනා.

වසර එකහමාරකට වැඩි කාලයක් තිස්සේත් තංගල්ල ‍පොලිසිය මගින් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු නොවීම ගැටලු සහගත වනවා. මෑතකදී මෙම පරීක්ෂණ කටයුතු ‍පොලිස් අධිකාරී කේ.ජී.එල්. ගීතාල් මහතාගේ අධීක්ෂණය යටතේ තංගල්ල විශේෂ විමර්ශන ඒකකය මගින් සිදු කරන අවස්ථාවේදී මෙම අත්අඩංගුවට පත්වීම සිදුව තිබෙනවා.

මේ සිද්ධිය ගැන 2017 මාර්තු මස වික්ටර් පුත් ලෙලුම් රත්නායක මහතා යූටියුබ් වීඩියෝවකින් මුල්වරට මාධ්‍ය වෙත හෙළි කරන ලද අතර ඔහු පවසා සිටියේ “තාත්තා සල්ලි දීලා ඇයව බේරගත්තා” යනුවෙනි. ඒ අනුව පොලිසියට කිසියම් අල්ලසක් දී සිද්ධිය සමථයට පත් කරන්නට උත්සාහයක් යෙදුවාද යන්න ගැනද සැකයක් මතුව තිබෙනවා. මෙහිදී පොලිස් නිලධාරීන් සිතාමතාම පරීක්ෂණ ප්‍රමාද කළාද යන්න සම්බන්ධව ද පරීක්ෂණයක් කෙරෙන බව තංගල්ල කොට්ඨාශය භාර ‍පොලිස් අධිකාරී කේ.ජී.එල්. ගීතාල් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

එම පරීක්ෂණ වලින් කිසියම් අයුරකින් අල්ලස් දීමක් පිළිබදව ඔප්පුවුවහොත් වික්ටර් රත්නායක මහතා කෙරෙහිද සාධාරණ සැකයක් එල්ලවීමේ හැකියාවක් පවතිනවා.

Leave a Reply

Your email address will not be published.