විද්‍යා ඝාතනයට විජයකලා උදව් දීලා ?

යාපනය විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට තමන්ගේ නම ඈඳී ඇතැයි කිසිඳු නිල දැනුම් දීමක් මේ දක්වා නොලැබුණු බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පවසනවා. අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් බැවින් ඊට අදාළව කිසිඳු ප‍්‍රතිචාරයක් ද දැක්විය නොහැකි බවයි ඇය කියා සිටියේ. විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගෙන් ද ප‍්‍රකාශයක් ලබා ගන්නැයි කයිට්ස් මහේස්ත‍්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නා. ඒ, එම අපරාධය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ නීතිඥවරුන් අධිකරණයේ දී කළ ප‍්‍රකාශයක් සැලකිල්ලට ගනිමින්. විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ප‍්‍රධාන සැකකරු වන සුවිස් කුමාර් නමැත්තාට පොලිසිය මගහැර සිටීමට රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් උදව් දී ඇති බවයි එහිදී ප‍්‍රකාශ වී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published.