විනයගරුකම ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු දේශපාලුවකුගේ බලපෑමෙන් ඉවතට

ගාල්ල ඇලෝසියස් විදුහලේ ක්‍රිකට් පුහුණුකරු මාලක ද සිල්වා මහතාව එම තනතුරෙන් ඉවත්කර තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ අදක්ෂ ක්‍රීඩකයකුට කණ්ඩායමේ ස්ථානයක් ලබා නොදීම බවයි වාර්තා වන්නේ.

වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර විනය ගරුකම කණ්ඩායම ලෙස පසුගිය වසරේදී සම්මාන දිනා ගත්තේ ගාල්ල ඇලෝසියස් විදුහලයි. ඔවුන් වයස 19 න් පහළ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවද දිනා ගත්තා. ඒ හේතුවෙන්ම කණ්ඩායමේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමට ද ඇතුලත් විමට අවස්ථාව හිමිවුණා.

ඒ සදහා කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ පුහුණුකරු මාලක ද සිල්වායි.

ඔහු කණ්ඩායමට ක්‍රීඩකයින් ඇතුලත්කරගෙන ඇත්තේ දක්ෂතාවට පමණක් අවස්ථාව දෙමින්. එක් ක්‍රීඩකයකුට කණ්ඩායමේ ස්ථානයක් ලබාදෙන ලෙස පියෙක් බලපෑම් කර තිබෙනවා. එහෙත් එම බලපෑම් පුහුණුකරු ගනන්ගෙන නැහැ.

මේ අනුව එම පියා විදුහල්පතිවරයාට මෙම පුහුණුකරු ඉවත්කරන ලෙස දැනුම්දී තිබෙනවා. ඔහුගේ දේශපාලන බලයත් ඊට එක්කරගෙන ඇත්තේ අධ්‍යාපනයට සම්බන්ධ ප්‍රභලතම දේශපාලුවකුගේ හයියක්ද සමගයි. එම දේශපාලුවාද විදුහල්පතිවරයාට පුහුණුකරු නියත ලෙසම ඉවත්කළ යුතු බව නියෝග කර ඇතැයි සදහන්.

මේ අනුව විනයගරුක කණ්ඩායම බිහිකළ පුහුණුකරුට විනයක් නැති බලධාරීන් හේතුවෙන් පිටියෙන් සමුගැනීමට සිදුවීම කණගාටුවට කරුණක්.

Leave a Reply

Your email address will not be published.