විමල්ගේ නිවසේදී මියගිය තරුණයාගේ – බෙල්ල මිරිකා මරලා ?

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසේදී මිය ගිය තරුණයේ මරණයට හේතුව නිගමනය කළ නොහැකි බව දකුණු කොළඹ ශීක්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අනුව සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමටයි තීරණය කර ඇත්තේ.

මෙලෙස මියගියේ 24 හැවිරිදි ළහිරු ජනිත් දිසානායකයි.

මියගිය ළහිරුගේ සිරුර පරීක්ෂා කිරීමේදී නාසයෙන් රුධිර වහනය වී ඇති ආකාරයත් මුඛයෙන් සෙම සහිත ශ්‍රාවයක් පිටව තිබීමත් දැකගන්නට ලැබී තිබෙනවා. එමෙන්ම ඔහුගේ බෙල්ල ප්‍රදේශයේ තැලීමක්ද දක්නට ලැබී ඇතැයි සදහන්. දකුණු අතේ සීරීම් සහිත අස්වාභාවික කැලලක්ද තිබූ බවයි හදිසි මරණ පරීක්ෂකවරයා පොලීසියට දැනුම් දී ඇත්තේ.

මේ අනුවයි සිරුර දකුණු කොළඹ ශීක්ෂණ රෝහලට යොමුකර වාර්තාවක් ලබාගැනීමට කටයුතු කර ඇත්තේ.

මියගිය තරුණයා විමල් වීරවංශ මහතාගේ පුත්‍රයාගේ හොදම යාලුවෙක් ලෙස සැලකෙනවා. ඔහු එම නිවසේ නිතර ලැගුම් ගන්නා තරණයකු බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මියගිය තරණයාට විමල් වීරවංශ මහතාගේ නිවසට නොයන ලෙස දෙමාපියන් හා ඥාතීන් දැනුම් දී ඇති බවත් වාර්තා වනවා. ඒ පුත්‍රයින් දෙදෙනාගේ පසුගිය ක්‍රියාකළාපයන් යහපත් නොවීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

මේ පිලිබද විමල් වීරවංශ මහතාගේ බිරිදගෙන් සහ පුත්‍රයාගෙන් පොලීසිය මේ වන විටත් ප්‍රකාශ සටහන්කරගෙන තිබෙනවා.

5 thoughts on “විමල්ගේ නිවසේදී මියගිය තරුණයාගේ – බෙල්ල මිරිකා මරලා ?

  • October 31, 2016 at 8:08 am
    Permalink

    බල්ලෝත් එක්ක ලැග්ගම මෑ කෝ එක්ක තමයි ඉන්න වෙන්නෙ

    Reply
  • July 26, 2017 at 6:42 pm
    Permalink

    Unquestionably consider that that you said. Your favorite justification appeared to be on the internet the simplest thing to take into accout of. I say to you, I definitely get irked whilst other folks think about worries that they plainly don’t recognize about. You controlled to hit the nail upon the top and also defined out the whole thing with no need side-effects , other folks can take a signal. Will probably be again to get more. Thanks

    Reply
  • July 26, 2017 at 6:42 pm
    Permalink

    At this moment I am going away to do my breakfast, after having my breakfast coming yet again to read additional news.

    Reply

Leave a Reply

Your email address will not be published.