විමල්ගේ නිවස තුලදී මිය ගිය ලහිරු පිලිබද පරීක්ෂණ යට ගහන්න පොලීසියට උපදෙස්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසේ පසුගිය ඔක්තෝම්බර් 26 වෙනිදා රාත්‍රිය ගත කරද්දී මරා දැමුවාදැයි සැක කෙරෙන ලහිරු ජනිත් දිසානායක(24) තරුණයා පිලිබද කෙරෙන පරීක්ෂණ පිලිබද සෑහීමකට පත්විය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසනවා. පසුගිය කාලය පුරා විමල් වීරවංශ මහතාට විශේෂ සැලකිල්ලක් ආන්ඩුවේ ඇතමුන්ගෙන් ලැබුණු බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. ආන්ඩුවේ ඇතමුන් පොලීසියට බලපෑම් සිදුකර පරීක්ෂණ යට ගසා ඇතැයිද ඩිලාන් පෙරේරා මහතා මෙහිදී චෝදනා කර සිටියා. හරිනම් අදවන විට විමල් වීරවංශ මහතා සිටිය යුත්තේ හිරගෙදර බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණා.

විමල්ව බේරා ගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ කොන්ත්‍රාත්තුව භාරගෙන සිටින නිසා බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. තමන්ගේ / ආන්ඩුවේ වෙනත් අමාත්‍යවරයකුගේ හෝ මන්ත්‍රීවරයකුගේ නිවසේ තරණයකු මෙලෙස මිය ගියේනම් වෙබ් අඩවි හක්කේ තබා සෙම අරින බවත් ඩිලාන් පෙරේරා මහතා කියා සිටියා.

ලහිරු ජනිත් දිසානායකගේ සිරුරේ කොටස් මේ වන විට රජයේ රස පරීක්ෂක වෙත යොමුකර තිබෙනවා. ඒ පිලිබද වාර්තාව මෙතෙක් ලැබී නැහැ. එම වාර්තාව පරීක්ෂණ සහ පළවන වාර්තා නව දිශාවකට යොමුකරනු ඇති.

කෙසේ වෙතත් පොලීසියද මෙතෙක් සිදුවීම පිලිබද සිදුකළ විමර්ශනවල ප්‍රගතිය ප්‍රකාශයට පත්ව නැහැ. වෙනත් සිදුවීමක් වූයේ නම් දහස් ගණනක් වාර්තා පළවීමට තරම් කාලයක් මේ වන විට ගතව අවසන්.

විමල් වීරවංශ මහතාගේ පුතා වන විභූති වීරවංශගේ මිතුරා වන්නේ මිය ගිය ලහිරුයි.

මේ අතර තරුණයාගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ කළුබෝවිල රෝහලේ විශේෂඥ වෛද්‍ය පී.බී දිසානායක මහතාගේ වාර්තාවේ සඳහන් වන පරිදි තරුණයාගේ මරණය සිදුවන අවස්ථාවේදී ඔහුගේ සිරුරේ අධික ලෙස ව්‍යාඝ්‍රා නමැති ලිංගික උත්තේජකය තිබූ බව තහවුරු වී ඇතැයි පසුගියදා මාධ්‍ය වාර්තා කළා. ව්‍යාඝ්‍රා උත්තේජකය අධික ලෙස ශරීර ගතව තිබීම හේතුවෙන් රුධිර පීඩනය හෘදයට දරා ගත නොහැකි මට්ටමට ඉහල ගොස් රුධිර නාල පුපුරා ගොස් මරණය සිදුව තිබෙනවා. නහයෙන් ලේ ගලා ගොස් තිබී ඇත්තේ එබැවින්.

ඒ අතර ඔහුගේ ලිංගේන්ද්‍රිය විච්ඡේදනය කරද්දී එහි ශුක්‍ර තරල කැටි ගැසී තිබී ඇති අතර ඉන් හෙලිවන්නේ ඔහු ලිංගික කටයුත්තේ නියැලී සිටියදී මරණයට ලක්වී ඇති බවත් මරණයට පෙර පැය 4-6 ක් අතර කාලයක් ලිංගිකව හැසිරී ඇති බවත් වෛද්‍ය වාර්තා වල දැක්වෙන බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

One thought on “විමල්ගේ නිවස තුලදී මිය ගිය ලහිරු පිලිබද පරීක්ෂණ යට ගහන්න පොලීසියට උපදෙස්

  • November 25, 2016 at 8:50 pm
    Permalink

    කුණු විමලයා කියලා තිබුණා ලබන අවුරුද්ද තීරණාත්මකයි කියලා. ලබන අවුරුද්දේ තමයි විමලයගෙයි ගෑණිගෙයි කේස් හරියට අහන්නේ.

    Reply

Leave a Reply

Your email address will not be published.