විමල්ගේ සොහොයුරාව ජාතික රෝහලට මාරු කරයි

රක‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිඛෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය කියා සිටියේ හෘද සැත්කමකට අදාළ වැඩිදුර ප්‍රතිකාර සදහා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ නිර්දේශ මත ඔහුව ජාතික රෝහලට මාරුකර යැවූ බවයි.

පසුගිය මස පළමු වනදා රක‍ෂිත බන්ධනාගාරගත කෙරුණු සරත් වීරවංශ වැඩි කාලයක් බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවා.

වාහන අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළව චෝදනා ලැබ ඔහු රක‍ෂිත බන්ධනාගාර ගත කර තිඛෙනවා.

Leave a Reply

Your email address will not be published.