විමල්ට අපූරු වරමක් ! හිරබත් වෙනුවට කේක්

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශගේ 47 වැනි උපන්දිනය අද (07) දිනට යෙදී තිබුණා. ඔහු එය සමරනු ලැබුවේ පාර්ලිමේන්තුවේදීයි.

අද පාර්ලිමේන්තු දිනයක් බැවින් ඔහු මැගසින් බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වීමට පාර්ලිමේන්තුවට පැමිණ සිටියා.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භෝජනාගාරයේදී කේක් කපා සුබ පැතීමට ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමද සහභාගී වී සිටියා.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ, දියණිය විමාෂා සහ පුතු විභූති එක්ව සිටියා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද උණුසුම් තත්ත්වයක්ද මතු වුණා.

එක්සත් ජාතික පක්‍ෂයේ මන්තී‍්‍රවරයෙකු වන තුෂාර ඉදුනිල් අමරසේන කියාසිටියේ විමල් වීරවංශ මන්තී‍්‍රවරයා පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන්ගේ භෝජනාගාරයේදී කේක් ගෙඩියක් කපන අයුරු දැක්වෙන ඡායාරූපද මේ වනවිට අන්තර් ජාලයේ පළ වී තිබෙන බවයි.

එසේ කිරීමට හැකියාවක් තිබේ දැයි ඔහු ප‍්‍රශ්න කර සිටියා. ඊට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ පැවසුවේ අදාළ බලධාරීන්ගෙන් නිසි අවසරයක් ලබාගෙන තමන් මෙම උපන්දින සැමරුම සිදුකළ බවයි.

One thought on “විමල්ට අපූරු වරමක් ! හිරබත් වෙනුවට කේක්

Leave a Reply

Your email address will not be published.