විමල් හිරේ ඉදන් කවි ලියයි – Photo

වාහන අවභාවිත කිරීමේ චෝදනාව යටතේ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කවි සහ නිසදැස් නිලවීමට කටයුතු කරමින් ඇතැයි වාර්තාවනවා. ඔහුගේ නිල ෆේස් බුක් වෙබ් අඩවියේ එලෙස සිර කුටියේ සිරගතව සිටියදී ලියන ලද නිසදැසක් පළකර තිබෙනවා. සිපිරිගෙදර සිට ඔහු එය ලියා ඇත්තේ තනිකමෙන් සිටියද රට වෙනුවෙන් සිය යුතුකම ඉටුකරන බව දක්වමිනුයි. මන්ත්‍රීවරයාගේ අත්අකුරින්ම ලියූ එම ලිපිය පහතින් දැක්වෙනවා.

අත්තටු ඇති හිත්…

හයේ කනිසමට වැහෙනා
සිරකුටියේ තනිවුන හිත…
බේස්ලයින් සිට හමනා …
සුළග යදිනවා…
කළුවර තුරුළුව සැතපෙන
අහස පෙනෙනවා…

පින්බිම වෙනුවෙන් වැලපෙන
මල් ලියකම් සපිරි හදක
රිද්මය නවතාලන්නට…
අගුලු දැමූ දොරටුවකට…
හැකි වන්නේ කෙලෙසද…?

බේස්ලයින් සිට හමනා
සුළග නුඹම කියාදෙන්න…

අළු දුහුවිලි මතින් නැගුන…
ඉතිහාසයෙ සාක්ෂියක…
බල මහිමය කියා දෙන්න…
සුළග නුඹටවත් හැකිවෙද?

අත්තටු ඇති හිත් පියඹන…
මේ අහසට අගුලු කොහිද…?

විමල් වීරවංශ

12 thoughts on “විමල් හිරේ ඉදන් කවි ලියයි – Photo

Leave a Reply

Your email address will not be published.