වෙලේ සුදාට කෝටි 40 ක වත්කම් තියෙනවාලු

ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නැමැත්තා / ඔහුගේ නැගණිය සහ බිරිද අයථා අන්දමින් උපයා ඇති මුදල් රුපියල් කෝටි 40 ක මුදලක් විශුද්ධීකරනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ජනවාරි මස 24 දා  විභාගයට ගැනීමට කොළඹ මහාධිකරනය අද තීරණය කළා.

නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව  චොදනා 57 ක් යටතේ මහාධිකරනයේ නඩු පවරා තිබෙනවා. මෙම නඩු පැවරීමට එරෙහිව විත්ති පාර්ශවය ඉදිරිපත් කළ මූලික විරොධතා ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරන විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද තීරණය කළා.

ගම්පොල විදානගේ සමන්ත කුමාර, ගයනි ප්‍රියදර්ශනි සහ වසන්ති ප්‍රියදර්ශනී යන විත්තිකරුවන්ට එරෙහිව මුදල් විශුද්ධීකරනය වැළක්වීමේ පනත යටතේ චොදනා ගොනු කර ඇතැයි සදහන්. වෙළේ සුදා නැමැත්තා මේ වන විට වෙනත් නඩුවකට මරණීය දණ්ඩණය නියමව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.