වෛද්‍යවරු වර්ජනයේ – STF නිලධාරීන්ට ප්‍රතිකාර කිරීමත් මගඇරලා

සයිටම් විරෝධි සරසවි සිසුන්ට ඊයේ (21) සිදු කළ ප‍්‍රහාරයට විරෝධය පළ කරමින් අද (22) උදෑසන 08.00 සිට දිවයින පුරා වෛද්‍ය වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කර තිබෙනවා. එහි සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් ප්‍රයිම් ලංකා වෙත කියා සිටියේ අද දහවල් පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මෙම වර්ජනය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බවයි. ඒ අනුව මෙතෙක් වර්ජනය අවසන් කෙරෙන දිනයක් හෝ වේලාවක් තීරණය කර නොමැති බවද සඳහන් කළා. ඩෙංගු වසංගත තත්වයක් රට පුරා සීඝ‍්‍රයෙන් පැතිර යන අවස්ථාවක මෙවැනි වැඩ වර්ජනයක් සිදු කිරීමෙන් ඩෙංගු රෝගීන්ට සිදු වන බලපෑම සම්බන්ධයෙන් ද ප්‍රයිම් ලංකා මෙහිදී විමසීමක් කළා. එහිදී සඳහන් කෙරුණේ වෙනදා මෙන් සියලු රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක වෙන බවත් ළමා රෝහල්, මාතෘ රෝහල් සහ පිළිකා රෝහල් තුළ වර්ජනය සිදු නොකෙරෙන බවයි. කෙසේවෙතත් වර්ජනය ක්‍රියාත්මක කෙරෙන රෝහල් තුළත් හදිසි ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවද සඳහන් කෙරුණා. ඒ අනුව ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම්ද හදිසි කටයුත්තක් ලෙස සළකනු ඇති. සයිටම් විරෝධි සිසුන්ට ඊයේ (21) එල්ල වූ ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් 70 දෙනෙකු පමණ තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. පොලිස් නිලධාරීන් 05 දෙනෙකු ද මෙහිදී තුවාල ලැබුවා. තුවාල ලැබූ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තිදෙනෙකුට වෛද්‍යවරුන් නිසි ප‍්‍රතිකාර නොකිරීම හේතුවෙන් ඔවුන් පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බවයි ප්‍රයිම් ලංකා වෙත වාර්තා වුණේ. මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ ප‍්‍රධානී නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ මහතාගෙන් කළ විමසීමක දී ඔහු ඒ බව තහවුරු කරනු ලැබුවා.

කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ එවැනි කිසිදු සිදුවීමක් තමන් වෙත වාර්තා නොවූ බවයි. තුවාල ලැබූ විශේෂ කාර්ය බලකා නිලධාරීන් තිදෙනාට වෛද්‍යවරුන් නිසි ප‍්‍රතිකාර සිදු නොකිරීම සම්බන්ධයෙන් ප්‍රයිම් ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ද විමසීමක් කළා. ඊට ප‍්‍රතිචාර දැක්වූ එම සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මහතා සඳහන් කළේ වෛද්‍යවරයෙකුට සෑම රෝගියෙක්ම එක සමාන බවයි.

One thought on “වෛද්‍යවරු වර්ජනයේ – STF නිලධාරීන්ට ප්‍රතිකාර කිරීමත් මගඇරලා

  • September 24, 2017 at 11:10 pm
    Permalink

    I was recommended this blog by my cousin. I am not sure whether this post is written by him as nobody else know such detailed about my difficulty. You are amazing! Thanks!

    Reply

Leave a Reply

Your email address will not be published.