වොලිබෝල් ඉතිහාසය වෙනස් කරමින් ප්‍රථම වරට පෞද්ගලික අංශයේ MAS කැෂුවලයින් කණ්ඩායම අවසන් මහා තරගයට

ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් ක්‍රීඩා ඉතිහාසය වෙනස් කරමින් ප්‍රථම වරට අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගැනීමට පෞද්ගලික අංශයෙන් තරගකල කණ්ඩායමකට හැකි වී තිඛෙනවා.

ඒ MAS ඉන්ටිමේට්ස් කැෂුවල්ලයින් කාන්තා වොලිබෝල් කණ්ඩායමයි. එම කණ්ඩායම මෙලෙස සුදුසකම් ලැබුවේ මන්චි ජාතික කාන්තා වොලිබෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයටයි.

ඒ අනුව මෙම අවසන් මහා තරගයේ දී MAS ඉන්ටිමේට්ස් කැෂුවල්ලයින් කණ්ඩායම තරග වඳින්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල කණ්ඩායම සමගයි.

එම තරගය මේ මස 26 වැනි සෙනෙසුරාදා සවස 1.00 ට මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි.

කැෂුවල්ලයින් වොලිබෝල් කණ්ඩායම මෙලෙස අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ අවසන් පූර්ව තරගයේදී ප්‍රබල නාවුක හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම වට 3 ට 1 ලෙස පරාජයට පත් කරමින්.

දක‍ෂ තරුණ කණ්ඩායමක් වන කැෂුවල්ලයින් වොලිබෝල් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ආනන්ද වන්නිතිලක කටයුතු කරන අතර කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ තක්ෂිලා මධුරංගි ක්‍රීඩිකාවයි.

dsc_0472-2

dsc_0678

dsc_0687

dsc_0740

 

One thought on “වොලිබෝල් ඉතිහාසය වෙනස් කරමින් ප්‍රථම වරට පෞද්ගලික අංශයේ MAS කැෂුවලයින් කණ්ඩායම අවසන් මහා තරගයට

  • September 25, 2017 at 3:56 am
    Permalink

    Hi! Do you know if they make any plugins to safeguard against hackers? I’m kinda paranoid about losing everything I’ve worked hard on. Any recommendations?

    Reply

Leave a Reply

Your email address will not be published.