ශ්‍රී ලංකාවට ඉතිහාස ගතවූ පරාජයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය ඉන්දියාවට හිමි වුණා. ඒ ලකුණු 304 කින්. සංචාරක ඉන්දියාව පළමු ඉනිමේදී ලකුණු 600ක් ලබා ගත්තා. දෙවෙනි ඉනිම සඳහා ලකුණු 240ක් රැස්කර ගැනීමටද ඉන්දියාව සමත් වුණා. ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී සියළු දෙනා දැවී ලකුණු 291 ලබා ගත්තද දෙවෙනි ඉනිමේදී සියළු දෙනා දැවී ලකුණු 245 ක් පමණයි රැස් කළේ. ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ලැබූ දරුණුතම පරාජය මෙය බවයි වාර්තා අතරට එක්වන්නේ. මීට පෙර 1994දි පකිස්තානය හමුවේ ලකුණු 301ක පරාජයක් ලබා තිබෙනවා. ශ්‍රී ලංකාවට ටෙස්ට් නායකයා මෙන්ම දක්ෂ පිතිකරුවෙක්ද ආබාධ හේතුවෙන් අහිමිවීම මෙම පරාජයට හේතු වුණා. තරඟයේ දිනයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව මෙසේ පරාජය වීම කැපී පෙනෙනවා. ක්‍රිකට් තේරීම් කමිටුව මෙරට පිතිකරුවන් සහ පන්දු යවන්නන් පිලිබද යලි සිතා බැලිය යුතුයි.

තරඟයෙන් පසු මාධ්‍ය වෙත ශ්‍රී ලංකා නායකයා ලෙස මෙම තරඟයේ කටයුතු කළ රංගන හේරත් අදහස් දැක්වූයේ පහත පරිදියි.

Post-Match Press of 1st Test at Galle International Cricket St…

Post-Match Press of 1st Test at Galle International Cricket Stadium

Posted by Sri Lanka Cricket on Saturday, July 29, 2017

One thought on “ශ්‍රී ලංකාවට ඉතිහාස ගතවූ පරාජයක්

  • September 24, 2017 at 12:32 pm
    Permalink

    Simply desire to say your article is as astounding. The clarity in your post is just nice and i can assume you are an expert on this subject. Well with your permission allow me to grab your feed to keep up to date with forthcoming post. Thanks a million and please keep up the enjoyable work.

    Reply

Leave a Reply

Your email address will not be published.