ශ්‍රී ලංකාවට සිම්බාබ්වේ හමුවේ ඓතිහාසික පරාජයක් – මැතිව්ස් කිව්ව පරාජයට හේතුව

සංචාරක සිම්බාබ්වේ සමග පැවති පළමු එක්දින තරගය ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා. සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාව මෙරටදී පරාජය වූ පළමු අවස්ථාව ලෙසයි මෙය ඉතිහාස ගතවන්නේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකාව පළමුව පිතිකරණයේ යෙදීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 316 ක් ලබා ගත්තා. කුසල් මෙන්ඩිස් ලකුණු 86 ක් ලබා ගත්තා. උපුල් තරංග නොදැවී ලකුණු 79 ක් ලබා ගනිද්දී ධනුෂ්ක ගුණතිලක ලකුණු 60 ක් ලබා ගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම ලබාදුන් උඩපන්දු කිහිපයක්ම ශ්‍රී ලංකාව අතින් ගිලිහී ගියා. මේ අනුව කඩුලු 04 ක් පමණක් දැවී ලකුණු 322 ක් ලබා ගනිමින් තරඟයේ ජය ලබා ගත්තා. ශ්‍රී ලංකාවට එරහිව පළමු වරට ලැබූ මෙම ජයග්‍රහණයේ නියමුවා වෙමින් සොලමන් මිර් ලකුණු 112 ක් ලබා ගත්තා. විලියම්ස් ලකුණු 65 ක් ලබා ගනිද්දී ශිකන්දර් රාසා නොදැවී තවත් ලකුණු 67 ක් ඉනිමට එක්කලා. තරග නිමාවෙන් පසු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් අදහස් දක්වමින් කියා සිටියේ පන්දු රැකීමේදී දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය මෙම පරාජයට හේතුව බවයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී පැවති මෙම තරගය නැරබීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයන් ලබාපොරොත්තු සුන් වූ අයුරක් ප්‍රදර්ශනය කරමින් පිටව ගියා.

Leave a Reply

Your email address will not be published.