ශ්‍රී ලංකාවෙන් සිම්බාබ්බේට අමුතු ආරාධනාවක්

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්බේ කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් එක්දින තරග තුනක් සහ පන්දුවාර විස්සයි විස්ස තරගයක් මෙම වසරේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාස වලදී මෙම ක්‍රිකට් තරගාවලියට සත්කාරකත්වය දක්වන්නේද ශ්‍රී ලංකාවයි. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිම්බාබ්බේ ක්‍රිකට් ආයතනය වෙත විශේෂ ආරාධනයක් කර තිබෙනවා. ඒ ටෙස්ට් තරග දෙක වෙනුවට එම කාලයද යොදා ගනිමින් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම සදහායි.

සිම්බාබ්බේ කණ්ඩායමට පසුගිය කාලය පුරාම ප්‍රමාණවත් ටෙස්ට් ක්‍රිකට් තරග හිමිවූයේ නැහැ. 2014 වසරේදී ඔවුන් අවසන් වරට බංග්ලාදේශය සමගින් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට එක්වුණා. මෙම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අවලංගු උවහොත් නැවත ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරගාවලියක් සදහා ඔවුන් එක්වීමට නියමිතව ඇත්තේ 2017 වසරේදීයි.

කෙසේ වෙතත් මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සිම්බාබ්බේ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලියට එක්වන අනෙක් කණ්ඩායම වන්නේ බටහිර ඉන්දීය කොදෙව්වන්. ටෙස්ට් තරගාවලිය රටවල් දෙකටම ලාභයක් උපයා දෙන තරගාවලියක් නොවෙයි. එහෙත් තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ලාභ ඉපයිය හැකි තරගාවලියක්. සිම්බාබ්බේ ක්‍රිකට් ආයතනය මේ වන විට සිටින්නේ විශාල මූල්‍ය අර් බුදයකයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ යෝජනාවට ඔවුන් එකග වනු ඇතැයි ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයකු ප්‍රයිම් ලංකා වෙත පැවසුවා.

One thought on “ශ්‍රී ලංකාවෙන් සිම්බාබ්බේට අමුතු ආරාධනාවක්

  • June 17, 2017 at 5:21 am
    Permalink

    Quinoa is amazing. It can be transformed into simple veggie burgers as well. I prefer to take it to cookouts in the form of a cold salad. There are a lot of easy recipes out there! It is always nice to show up with something that everyone will like(and not know it is veg0#&n823a;he he…) That way you have something to eat as well. For $4-5 a box it makes a ton of servings. I pre-cook a box for the week and keep it in containers. Easy to measure out and in a 1/2 cup you have 7 grams of protien.

    Reply

Leave a Reply

Your email address will not be published.