ශ්‍රී ලංකාව වාර්තාවක් සමගින් කඩුලු 7කින් 1ක් කඩුල්ලක් පනී.

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග පැවති තීරණාත්මක තරගයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වූණා.ඒ ශ්‍රී ලංකාව මෙතෙක් ලකුණු හඹා ගොස් ලබාගත් ඉහලම ජයග්‍රහණය ලෙස වාර්තාවක් තබමින්. මෙම තරගයට ශ්‍රී ලංකාව පිවිසියේ වෙනස්කම් තුනක් සහිතවයි. තරග තහනමට ලක්ව සිටින උපුල් තරංග , සීකුගේ ප්‍රසන්නට සහ ආබාධයකට ලක්වූ චාමර කපුගෙදරට කණ්ඩාවමේ ස්ථාන අහිමි වූණා. ඒ වෙනුවට කණ්ඩායමට එක්වූයේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් , ධනුෂ්ක ගුණතිලක සහ තිසර පෙරේරායි. තරගයේ කාසියේ වාසිය දිනූ ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි ඉන්දියාවට සාර්ථක ආරම්භයක් ලබා දුන් රෝහිත් ෂර්මා සහ ෂිකර් ධවාන් ලකුණු 138 ක සබදතාවක් ගොඩලැගුවා. ධවාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 125 ක් ලබා ගත්තා. රෝහිත් ලකුණූ 78 යි. වේගවත් ඉනිමක් ගොඩනැගූ මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 63 ක් ලබා ගත්තේ හතරේ පහර 7 ක් සහ හයේ පහර 02 ක් සමගයි. ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 321 ක් ලබා ගත්තා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට හොද තරගයක් ලබාදුන්නේ කිසිවකු බලාපොරොත්තු නොවූ ආකාරයෙනුයි. ඉනිම ආරම්භ කළේ නිරෝෂන් දික්වැල්ල සමගින් ධනුෂ්ක ගුණතිලකයි. දික්වැල්ල ලකුණු 07 කට දැවී ගියා. පසුව ගුණතිලක කුසල් මෙන්ඩිස් සමගින් එක්වී දෙවැනි කඩුල්ලට ලකුණු 159ක් එක් කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයේ අඩිතාලම වුනා. ගුණතිලක වේගවත් ලකුණු 76 ක් ලබා ගත්තේ හතරේ පහර 07 ක් සහ හයේ පහර 02 ක් සමගයි. මෙන්ඩිස් ඉන්දීය පන්දු යවන්නන්ට දිගට හරහට පහර දෙමින් ලකුණු 89 ක් ඉනිමට එක්කළා. අනතුරුව පිටියේ එක්වූ නායක මැතිව්ස් සමගින් කුසල් ජනිත් පෙරේරා කිසිදු පැකීලිමකින් තොරව ඉන්දීය පන්දු යවන්නන්ට පහර එල්ල කළා. කුසල් ජනිත් පදයේ අබාදයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුනේ ලකුණු 47 ක් ලබා සිටියදීයි. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ මැතිව්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ නොදැවී ලකුණු 52 ක් ලබා ගනිමින්. අසේල ගුණරත්න හයේ පහර 2ක් හා හතරේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 34 ක් ලබා ගත්තේ පන්දු 21 ක් පමණක් වැයකරමිනුයි. මේ අනුව ශ්‍රී ලංකාව කඩුලු 03 කට ලකුණු 322 ක් ලබා ගනිමින් තරගයේ ජය වාර් ථා කළේ තවත් පන්දු 08 ක් ඉතිරිව තිබියදීයි. තරගයේ වීරයා කුසල් මෙන්ඩිස්. ශ්‍රී ලංකාව ලැබූ මෙම පෙරලිකාර ජය හේතුවෙන් තරගාවලියේ ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට අවථාව ලැබුනේ බොහෝ විචාරකයින්ගේ අනාවැකි බොරු කරමිනුයි.

මෙය ශ්‍රී ලංකාවේ පැනගත් පළමු කඩුල්ලයි.අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමටනම් ශ්‍රී ලංකාවට ලබන 12 වැනිදා පකිස්ථානය සමග තරගය අනිවාර්යයෙන් ජයගත යුතු වෙනවා.

Leave a Reply

Your email address will not be published.