ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම ආදිවාසී මන්ත්‍රීතුමිය “ශිරෝමාලා”

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වරට ආදිවාසී කාන්තාවක් පසුගිය දා පැවැත් වූ 2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂිකාවක් ලෙස දෙහිඅත්තකන්ඩිය – හේනානිගල දකුණ සහ උතුර බහු ආසනය වෙනුවෙන් තරග කරනු ලැබුවා.

ඩබ්. එම්. ශිරෝමාලා වන ඇය මේවන විට 37වැනි වියේ පසුවෙනවා. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබා ඇති ඇය දරුවන් තිදෙනෙකුගේ මවක්. පැවති ඡන්දයේ ප්‍රථිපල අනුව ඇය ඡන්ද 1369ක් ලබා ගනිමින් මෙරට ප‍්‍රථම ආදිවාසි මහජන නියෝජිතවරිය ලෙසින් ඉතිහාසයට එක්වෙනවා.

ඇය ලැබු ජයග‍්‍රහණය පිළිබඳ ඇය මෙසේ අදහස් පළකර තිබුනා.

“ මට මුලින්ම කියන්න තියෙන්නේ අපේ රැහේ ඇත්තන්ට මෙතෙක් කල් නොවිසිදුණු ප‍්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි ඒ ප‍්‍රශ්න ඔක්කෝම විසඳන්න බෑ. ටිකක් හරි විසඳන්න උත්සාහ කරනවා. ඒ වාගේම තමයි ඒ විශ්වාසය තියලා තමයි අපේ රැහේ අය වාගේම අනිකුත් අය මාව පත් කර ගත්තේ. ඒ නිසා මම කැමැති නෑ ඒ විශ්වාසය නැති කර ගන්න.

“ඒ වාගේම ගිලිහි යන අපේ සංස්කෘතිය ආගම ඒ වාගේම ගමේ රටේ සංවර්ධනයට උපරිමය සහයෝගය ලබා දී කටයුතු කරන්නත් ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභාවටත් පාර්ලිමේන්තු මැතිවරණවලටත් ඉදිරිපත්වීම තමයි මාගේ එකම බලාපොරොත්තුව.”

3 thoughts on “ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම ආදිවාසී මන්ත්‍රීතුමිය “ශිරෝමාලා”

  • February 15, 2018 at 3:14 am
    Permalink

    Right here is the right webpage for everyone who wants to
    find out about this topic. You know a whole lot its almost tough to argue with you (not that I
    really will need to…HaHa). You certainly put a new spin on a
    topic that’s been written about for decades. Wonderful stuff, just wonderful!

    Reply

Leave a Reply

Your email address will not be published.