ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම ජනපති හමුවෙයි

2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක කණ්ඩායම ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන හමු වුණා. ජනාධිපති නිල නිවසේදී ක්‍රීඩික ක්‍රීඩිකාවන් සමග සුහද කථා බහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන්ට ශුභ පැතූ බවයි ජනාධිපති මධ්‍ය අංශය පවසන්නේ. .

රට වෙනුවෙන් ජයග්‍රහණ අත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය ආශිර්වාදය ලැබෙන බවයි ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත්තේ. මේ අතර රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් සමරු මුද්දර හතරක් සහ මුල් දින කවරයක් එළිදක්වා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.