ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවනුත් ඕස්ට්‍රේලියාවට පරදී

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුලු හතරකින් ජය ගැනීමට සංචාරක ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්වුණා. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමටයි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තීරණය කළේ. එහෙත් පිටියට පිවිසි ඉදිරිපෙළ පිතිකාරිනියන් කිසිවකුටත් සාර්ථකවීමට හැකිවූයේ නැහැ. ශ්‍රී ලංකාවේ පළමු කඩුලු 5 මුලු ලකුණු පුවරුව 3 ක්ව තිබියදී දවා ගන්නට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත්වුණා. ඉමල්කා මෙන්ඩිස් පන්දු 28 කට මුහුණදී එක් ලකුණක් රැස්කර දැවී ගියා. ඒෂානි ලොකුසූරිය ලකුණු 14 යි. හුදකලා සටනක නිරත වූ ඉනෝකා රණවීර නොදැවී ලකුණු 32 ක් ඉනිමට එක්කළා. සුගන්දිකා කුමාරි ලකුණු 9 යි. උදේශිකා ප්‍රබෝදනී ලකුණු හතරයි. මේ අනුව පන්දුවාර 24 යි පන්දු 5 ක් අවසානයේ සියළු දෙනා දැවී ශ්‍රී ලංකාව ලබාගත්තේ ලකුණු 76 ක් පමණයි.

වේගවත් පිලිතුරු ඉනිමක් ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් පන්දුවාර 15 යි පන්දු 4 කදී ලකුණු 79 ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළා. ඒ වන විට කඩුලු 6 ක් බිද වැටී තිබුණා. ඉනෝකා රණවීර පන්දුවෙන්ද දස්කම් දක්වමින් කඩුලු 3 ක් බිද දැමුවා. දෙරට අතර මීලග තරගය ලබන 20 වැනිදා දඹුල්ලේදීම පැවැත්වෙනවා.

 

Leave a Reply

Your email address will not be published.