ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවකු හදිස්සියේම අස්වූ හේතුව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කායබල සහ තත්ත්වාරෝපන පුහුණුකරු ලෙස කටයුතු කළ මයිකල් මේන් මහතා හදිස්සියේම ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඒ ඔහුගේ ගිවිසුම් කාලයෙන් වසරක් ඉතිරිව තිබියදීයි. කෙසේ වෙතත් ඔහුගේ ඉවත්වීම පිලිබද මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ. එහෙත් ප්‍රයිම් ලංකා වෙත ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයකු කියා සිටියේ සයිමන් විලිස් සමග පැවති මත ගැටුම් මෙම ඉවත්ව යාමට හේතු වන්නට ඇති බවයි.

මේ අතර පුරප්පාඩු වූ තනතුර සදහා එංගලන්ත සසෙක්ස් ප්‍රාන්ත කායබල පුහුණුකරු වන නික් ලී පත්කිරීම කෙරෙහි ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා. ඒ මෙරට ක්‍රිකට් කණ්ඩායමේ උසස් කාර්ය සාධ්‍ය කළමණාකරු ලෙස කටයුතු කරන සයිමන් විලිස් මහතා ලබාදී ඇති නිර්දේශයක් පදනම්වයි.

ඕස්ට්‍රේලියානු ජාතික මැතිව් පෙල් කෙරෙහිද ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා. එහෙත් ඔහු ඉල්ලුම් කර ඇති ඉහළ වැටුප ලබාදීමට නොහැකි වීම හේතුවෙන් බොහෝ විට නික්ට අවස්ථාව හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

 

One thought on “ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවකු හදිස්සියේම අස්වූ හේතුව

  • September 14, 2016 at 1:29 pm
    Permalink

    ක්‍රිකට් වල හොද වෙනසක් වෙන්න කාලෙ හරි දැන්

    Reply

Leave a Reply

Your email address will not be published.