ශ්‍රී ලංකා පිතිකරුවන්ට දකුණු අප්‍රිකානුවන් කියා දුන් අපූරු පාඩම

ශ්‍රී ලංකා සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකාව පළමු දිනය නිමාවන විට කඩුලු 6 ක් දැවී ලකුණු 297 ක් ලබා සිටිනවා. මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමටයි නායක මැතිව්ස් කටයුතු කළේ. මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබුණා. කුසල් ජනිත් වෙනුවට උපුල් තරංගත් දුෂ්මන්ත චමීර වෙනුවට ලහිරු කුමාරත් කණ්ඩායමට එක්වුණා.

තරගයේ පළමු පන්දුවාරයේදීම කිසිදු ලකුණක් රැස්කිරීමට පෙර දකුණු අප්‍රිකා ආරම්භක පිතිකරු ස්ටෙෆාන් දවා ගැනීමට සුරංග ලක්මාල් සමත්වුණා. අනතුරුව එල්ගර් හෂිම් අම්ලා සමගින් ලකුණු 66 ක සබදතාවක් ගොඩ නගමින් ඉනිම ගොඩ ගැනීමට උත්සාහ කළා. ලකුණු 29 ක් ලබා සිටි අම්ලා දවාගත්තේ ලහිරු කුමාරයි. ලහිරුගේ පන්දු හමුවේ තවත් ඉදිරිපෙළ කඩුලු දෙකක් දැවී ගියත් ලකුණු 129 ක් රැස් කිරීමට එල්ගර් සමත්වුණා.

කුවින්ටන් ඩි කොක් නොදැවී ලකුණු 66 ක් ලබාගෙන එක් අන්තයක ක්‍රීඩාකරමින් සිටිනවා. හෙට තරගයේ දෙවන දිනයයි.

තරගාවලියේ පළමු තරගය දකුණු අප්‍රිකාව පහසුවෙන ජය ගත්තා.

5 thoughts on “ශ්‍රී ලංකා පිතිකරුවන්ට දකුණු අප්‍රිකානුවන් කියා දුන් අපූරු පාඩම

Leave a Reply

Your email address will not be published.