ශිරන්ති මග අරී

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මියට අද (27) දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිය නොහැකි බව දන්වා තිබෙනවා. ඇයගේ නීතිඥයින් මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ. අද උදෑසන 9.00 ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටයි ඇයට දැනුම්දී තිබුනේ. සිරිලිය සවිය පදනමට රතු කුරුස සංවිධානය මගින් ලබාදී තිබූ ජීප් රථයක් යෝෂිත රාජපක්‍ෂගේ පරිහරණයට ලබාදීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

Leave a Reply

Your email address will not be published.