සංගීතය අතර බිරිදගේ පස්ස මිරිකා සැමියාගේ අත පයත් කඩලා

සැණකෙළියකදී තෙරපෙන අතරතුර විවාහක කාන්තාවකගේ පසුපස ප්‍රදේශය මිරිකා ඒ ගැන ප්‍රශ්න කිරීම නිසා ඇයගේ සැමියාට පහරදී ඇති වෛද්‍ය විද්‍යාල ශිෂ්‍යයකු මේ මස 14 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. මෙලෙස රිමාන්ඩ් කළේ හාලිඇල උඩුවර පදිංචි තරුණයෙක්.

බදුල්ල ප්‍රසිද්ධ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සැණකෙළියකදී තෙරපෙන අතරතුර මෙම පුද්ගලයා විවාහක කාන්තාවකගේ පසුපස ප්‍රදේශය මිරිකා ඇති බවයි අධිකරණයට වාර්තා කර ඇත්තේ. ඒ පිළිබඳ ඇය විසින් සැමියාට දැනුම් දීමෙන් පසු සැමියා සැකකරුගෙන් ප්‍රශ්න කර ඇති බවත් මේ අවස්ථාවේදී සිදුවී ඇති බහින්බස්වීමකින් පසුව සැකකරු කාන්තාවගේ සැමියාට පහරදී ඇති බවත් පහරකෑමට ලක්වූ පුද්ගලයා බදුල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද ප්‍රකාශ කළා.

කරුණු සලකා බැලූ බදුල්ල මහෙස්ත්‍රාත් රුවන්දිකා මාරසිංහ මහත්මිය සැකකරු (14දා) දක්වා රිමාන්ඩ් ගත කිරීමට නියෝග කළා.

Leave a Reply

Your email address will not be published.