සංචාරයට ආසියාවේ හොඳම රට ශ්‍රී ලංකාව ලෙස නම් කරයි.

ආසියාවේ සංචාරය කරමින් ආසියාව විඳීමට කැමති සංචාරකයන්ට ඒ සඳහා සුදුසුම රට ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.ඒ පසුගියදා චීනයේ ෂැන්හයි නුවර පැවතී ආසියා – ඕස්ට්‍රේලියා 2017 ලෝක සංචාරක සම්මාන උළෙලේදියි. ශ්‍රී ලංකාවට මෙම සම්මානය හිමිව ඇත්තේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන සමාගම් හා වෘත්තිකයන් සම්බන්ධ කර ගනිමින් අන්තර්ජාලය හරහා සිදුකළ සමීක්ෂණයකින් අනතුරුවයි.
ශ්‍රී ලංකාව තුල සංචාරකයන් සඳහා ඇති විවිධාංගිකරණය හා සේවා හේතුවෙන් මෙම සම්මානය හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළ, සෆාරි,අලි ,කොටි, කුළු මීමුන් මෙන්ම ඩොල්පින් හා තල්මසුන්ද නැරඹීමට හැකිවීම මෙහිදී වැඩි අවධානයට ලක්ව තිබෙනවා.එසේම ආසියාවේ වික්‍රමාන්විත සංචාර ( adventure tourism ) සඳහා සුදුසුම රට ලෙසද ශ්‍රී ලංකාව නම් කර තිබීම විශේෂත්වයක්. මෙහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ සංචාරක පාරාදීසයක් වන තායිලන්තයට විකල්පයක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට එන බවයි.

 

 

 

 

 

 

6 thoughts on “සංචාරයට ආසියාවේ හොඳම රට ශ්‍රී ලංකාව ලෙස නම් කරයි.

Leave a Reply

Your email address will not be published.