සපත්තු දාන්නේ නැති දරුවන්ගේ මොලේ හොදින් වර්ධනය වන බව සොයාගනී

පන්ති කාමරය තුළ සපත්තු වෙනුවට සෙරප්පු පැළඳීමෙන් දරුවන් වඩාත් හොඳ සමර්ථ ලබා ගන්නා බව පර්යේෂණ වාර්තා පෙන්නුම් කරනවා. ඒ පිළිබඳ අවධානය යොමු කළ එංගලන්තයේ ඩර්බිශයර් පළාතේ ෆින්ඩර්න් ප්‍රාථමික විදුහල තම සිසු සිසුවියන්ට පන්ති කාමරය තුළදී සෙරප්පු පැළඳීමට ඉඩ දී තිබෙනවා. සපත්තු පැළඳීමෙන් වැළකීම දරුවන්ගේ ඉගනීමට යහපත් බලපෑමක් එල්ලකරන බවට පවතින අදහස ෆින්ඩර්න් ප්‍රාථමික විදුහල ක්‍රියාවට නංවා ඇත්තේ අත්හදා බැලීමක් වශයෙන්. බෝන්මවුත් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීවන් හෙපල් පෙන්වා දෙන්නේ සපත්තු පැළඳ නොසිටින දරුවන්ගේ හැසිරීම වඩාත් හොඳ යැයි තමන්ට දැක ගැනීමට ලැබුණු බවයි.

සෙරප්පු පැළඳ සිසු සිසුවියන් වඩාත් සැහැල්ලුවෙන් පසුවන බව ෆින්ඩර්න් ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය එමා ටිචනර් පවසන්නවා. මහාචාර්ය ස්ටීවන් හෙපල් වසර දහයක් පුරා රටවල් විසිපහක සිසුසිසුවියන් සම්බන්ධ කරගනිමින් ඒ පිළිබඳ පර්යේෂණ සිදු කොට ඇතැයි සදහාන්. ස්කැන්ඩිනේවියානු රටවල සහ නවසීලන්තයේ පාසල් ඇතුළු සෙසු රටවල අධ්‍යාපන මධ්‍යස්ථාන තුළ සපත්තු පැළඳීමෙන් වැළකී ඉගෙනීමේ යෙදෙන ක්‍රමවේදය ක්‍රියාවට නංවා තිබෙනවා.

සිසු සිසුවියන්ගේ ඉගෙනීමේ හැකියාව ඉහළ මට්ටමකට ගෙන ඒමේ අරමුණින් සපත්තු පැළඳීමෙන් වැළකී ඉගෙනීමේ අදහස ක්‍රියාවට නැංවූ බව කී විදුහල්පතිනිය එමා ටිචනර්, පාසල් නිල ඇඳුමේ අංගයක් වශයෙන් සපත්තු පැළඳ සිටීම අනිවාර්ය නොවන බව සඳහන් කරන්නවා.

එංගලන්තයේ ක්‍රොයිඩන් ප්‍රදේශයේ පිහිටි වෙස්ට් තෝන්ටන් ප්‍රාථමික විදුහල තුළ සෙරප්පු පමණක් පැළඳ සිටිය හැකි කලාප වෙන් කොට තිබෙනවා.

 

4 thoughts on “සපත්තු දාන්නේ නැති දරුවන්ගේ මොලේ හොදින් වර්ධනය වන බව සොයාගනී

Leave a Reply

Your email address will not be published.