සමජශාලා ගැටුම ගැන ජනපති නියමයෙන් පරීක්ෂණ

ප‍්‍රභූ පුත‍්‍රයෙකු ද සම්බන්ධ බවට පැවසෙන කොළඹ රාත‍්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පළ වූ විවිධ වාර්තා පදනම් කරගනිමින්.

අද (12) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා මෙම අදහස් පළ කළා.

එම ගැටුමට ජනාධිපතිවරයාගේ හෝ හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයා මැතිහත්ව ඇති බවටයි වාර්තා වුණේ.

Leave a Reply

Your email address will not be published.