සමලිංගිකයින්ගේ පෙළපාලිය විසුරුවා හරී

උගන්ඩාවේ කම්පාලා අගනුවර දෙතැනක පැවති සම ලිංගික අභිමන් පෙළපාලි විසුරුවා හැරීමට එරට පොලිසිය කටයුතු කළ බව ක්‍රියාධරයෝ පවසනවා. මෙම පෙළපාලිවලට සහභාගී වීම සඳහා පැමිණි පිරිස කුඩා බස් රථවල දමා ආපසු හරවා යැවීමට පොලිසිය මැදිහත් වූ බවයි ක්‍රියාධරයන් පවසන්නේ.

උගන්ඩාවේ නීතියට අනුව සම ලිංගිකත්වය තහනම් වන අතර මෙම පෙළපාලිවලට සහභාගී වන අයට පහර දෙන බවට එරට ඇමතිවරයෙකු තර්ජනය කර තිබුණා. පෙළපාලිකරුවන්ගේ මග අවුරා වෙනත් ප්‍රදේශයක් කරා යොමු කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් ඔවුන් පලවා හරිනු ලැබූ බව ද තවත් ස්ථානයකින් වාර්තා වනවා.

උගන්ඩාවේ සමරිසි ප්‍රජාව මේ වසර තුළ පාගමන් සංවිධානය කළ දෙවන අවස්ථාව මෙයයි. පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී පළමු උත්සාහය දරා ඇති අතර එහිදී ක්‍රියාධරයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට පත් වුණා.

සම ලිංගිකත්වයට පවතින නීති සහ දඬුවම් දැඩි කිරීම සඳහා උගන්ඩා ආණ්ඩුව 2014 වසරේ දී ගෙන ආ පනතක් එරට අධිකරණය විසින් අත්හිටුවීමටද පියවර ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.