සයිටම් හදන්න මහින්ද මිලියන 600 ක් දීලා

සයිටම් ආයතනය ආරම්භ කිරීම සඳහා පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදී රුපියල් මිලියන හයසියයක ණය මුදලක් ලබාදී ඇති බවත් එලෙස ආරම්භ කළ සයිටම් ආයතනය නීත්‍යානූකූල කිරීම සහ සිසුන් සුරක්ෂිත කිරීම පමණක් වත්මන් ආණ්ඩුවට ඉතිරිව ඇති බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා සඳහන් කෙළේ විශ්වවිද්‍යාල වල පවතින ගුරු හිඟය පියවීම වෙනුවෙන් ආණ්ඩුව පියවර රැසක් ගෙන ඇති අතර පෞද්ගලික විහ්වවිද්‍යාලය විධිමත් හා ගුණාත්මක ලෙස ප්‍රචලිත කළ යුත බව එක්සත් ජාතික පක්ෂය විශ්වාස කරන බවත් ඇමැතිවරයා කියා සිටියා.

 

සයිටම් ආයතනයට අනුබල දුන්නෙ අපි නෙවෙයි.මේ ආයතනය ආරම්භ කිරිම සඳහා හිටපු ජනාධිපති මහන්ද රාජපක්ෂ මහතාගේ වකවානුවේදී රුපියල් මිලියන 600ක් ලබාදී තිබෙනවා.ඉතින් අපි මේ ආයතනය නීත්‍යානුකූල කරමු. දිනේෂ් ගුණවර්ධන මහතා-ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් විභාග පවත්වන්නට අවසර ලබා දී තිබෙනවද? ඒ වගේම ශිෂ්‍යයින් බන්ධනාගාර ගතකර මේ ප්‍රශ්න විසඳන්නට බැහැ. ඒ නිසා මේ ප්‍රශ්න වෙනුවෙන් ආණ්ඩුව මැදිහත් විය යුතුයි.

මහින්ද රාජපක්ෂ මහතා-විශ්ව විද්‍යාල ළමයින් අත්අඩංගුවට ගෙන මේ ප්‍රශ්න විසඳන්නට බැහැ.ඒ ළමයින් වහාම නිදහස් කරන්න‍.

විමල් වීරවංශ මහතා-මෙතුමා කියන්නේ බොරු ළහිරු වීරසේකර ශිෂ්‍යයා මේ මොහොත වනවිටත් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරලයි සිටින්නෙ.

අජිත් පී. පෙරේරා මහතා-රටේ නීතිය කාටත් පොදුයි.රටේ නීතිය කැඩුවම,උසාවි නියෝග කඩ කළාම,අධිකරණය අභියෝගයට ලක් කළාම නීතිය ක්‍රියාත්මක කරන්නට සිදුවෙනවා.එහෙත් මහින්ද රාජපක්ෂ පාලන සමයේ වගේ නෙවෙයි දැන්.ඒ කාලේ ශිෂ්‍යයෝ පාරේ මරාදැම්මා.

කිරිඇල්ල මහතා-සයිටම් ආයතනය සම්බන්ධයෙන් නඩු තීන්දුව මේ 30 වැනිදා දෙනවා.එදාට විශ්ව විද්‍යාල සිසුන් අධිනරණය වටකරන්න සිටින බව අපට වාර්තා වී තිබෙනවා.

බිමල් රත්නායක මහතා-අධිකරණය වටකරන්න තරම් විශ්ව විද්‍යාල සිසුන් මෝඩ‍ නැහැ.මහින්ද රාජපක්ෂ කාලෙ මිලියන 600ක ණය දුන්න කියන්‍නකො.ඒව ඒ විදිහටම කරගෙන යන්නද මේ අය ඉන්නේ.මහින්ද රාජපක්ෂ කාලේ ආරම්භ කරපු කොච්චර දේවල් මේ ආණ්ඩුව නතර කළාද?කඩේ වහලා මේකට අවශ්‍ය විසඳුම් ලබාදිය යුතුයි.

 

One thought on “සයිටම් හදන්න මහින්ද මිලියන 600 ක් දීලා

Leave a Reply

Your email address will not be published.