සහල් මිල පහළ නොදමන්න කුමන්ත්‍රණයක්

සහල් සදහා පාලන මිලක් නියම කිරීමත් සමග මතුව ඇති ගැටලූ හේතුවෙන් ඉදිරියේදී සහල් හිඟයක් ඇති විය හැකි බව මරදගහමුල සහල් නිෂ්පාදන සංගමය පවසනවා. එහි සභාපති බී.කේ. රංජිත් පැවසුවේ අද දිනයේ මෝල් හිමියන් සමග සාකච්ඡා කර සහල් නිෂ්පාදනයෙන් ඉවත් වීමට තීරණයක් ගන්නා බවයි. කෙසේ වෙතත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසන්නේ නියම කර ඇති උපරිම මිල ගණන් යටතේ පාරිභෝගික ජනතාවට සහල් සැපයීමට අදාළ පාර්ශ්ව කටයුතු කළ යුතු බවයි. රට තුළ සහල් හිඟයක් නිර්මාණය කිරීමට මහාපරිමාණ වී මෝල් හිමියන් සැලසුම් කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

රජය ආනයනික සහල් මත පනවා තිබූ සියළු බදු ඉවත්කිරීමට පසුගියදා පියවර ගත්තා. මේ අනුව සහල් ආනයනකරුවන්ට විශාල ලාභයක් සිදුව තිබෙනවා. එසේ තිබියදීත් ඔවුන් තොග මිල අඩු කිරීමට පියවර ගෙන නැහැ. මේ හේතුවෙනුයි පාලන මිලට සහල ලබාගැනීමට නොහැකිව ඇත්තේ.

කෙසේ වෙතත් පාලන මිලට වැඩියෙන් සහල් අලෙවිකරන ස්ථාන සොයා පාරිභෝගික අධිකාරිය වැටලීම් සිදුකරනවා. මේ වන විටත් 50 කට අධික සංඛ්‍යාවකට නඩු පවරා ඇති බවයි වාර්තා වන්නේ. එහෙත් අඩු මිලට සහල් නොලැබෙන වටපිටාවක සිල්ලර වෙළදසැල් සදහා දඩ පැනවීමෙන් සහල් හිගයක් නිර්මාණය විය හැකි බවත් සදහන්.

One thought on “සහල් මිල පහළ නොදමන්න කුමන්ත්‍රණයක්

Leave a Reply

Your email address will not be published.